Black adam movie sinhala explain
වැඩි කතා මුකුත් නැතුව කෙලින්ම Review එකට යං මොකද අපි කලින් Black Adam ගැන Spoiler Free Review එකක් ගෙනාව නිසා.
ඔයාල තාම Movie එක බලලා නැතත් Spoil වෙන්න කැමති නම් මේක කියවන්න😌
ඔයාලා දන්නවනෙ ඉතින් මේ වෙද්දි Black Adam එක Box Office Flop වෙලා තියෙන්නෙ🙁
මේ Review එකෙන්ම බලාගෙන යං ඇයි එහෙම උනේ කියලත්😌
Here We Go
Q) Black Adam ට Powers දුන්න God ලයි SHAZAM ට powers දුන්න God ලයි එකම God ලා ටිකමද ?
A) මේක කට්ටිය ටිකක් පටලගෙන වගේ තමා තියෙන්නෙ දැන්නම්🌚
මේකට අදාල Explanation එකනම් ගායිස් Black Adam Movie එකට අනුව Teth Adam ට Powers ලැබෙන්නෙ එකම Wizard council එකෙන් තමයි.. හැබැයි හරිම විස්තරේ තමයි Shazam සහ Teth Adam කියන Charactes දෙකම Wizard Shazam විසින් තෝර ගන්න Champion ලා.
හැබැයි Shazam ට එයාගෙ powers ලැබෙන්නෙ ග්‍රීක්-රෝම දෙවිවරුන්ගෙන් වගේම Teth Adam ට Powers ලැබෙන්නෙ ඊජිප්තු දෙවිවරුන්ගෙන් . අපි ඒ දෙවිවරුන්ගෙ නම් ටිකයි ඒ දෙවිවරන්ගෙන් ලැබෙන බලයන් ටිකයිත් බලාගෙනම යමු✌️
🦸Shu - ආලෝකයට සහ වාතයට අධිපති දෙවියා තමයි Shu කියල කියන්නෙ.. මේ දෙවියන්ගෙ දරගැනීමේ හැකියාව තමයි Teth - Adam ට ලැබෙන්නෙ.
🧘Horus - අහසට අධිපති දෙවියන්ගෙන් වේගය සහ සිරුරේ හැකියාවන් පාලනය Black Adam ට ලැබෙනවා
💪Amun - ඊජිප්තු දෙවියන්ගෙ රජතුමා වෙන Amun ගෙන් Superhuman Strength එක Adam ට ලැබෙනවා.
🧑🎓Zehuti - දැනුමට අධිපති දෙවියන්ගෙන් ප්‍රඥාව Adam ට ලැබිලා තියෙනවා
⚡Aten - සූර්යයාට අධිපති Aten දෙවියන්ගෙන් Lightning සහ Electroblast ඇති කිරීමේ හැකියාව ලැබෙනවා..
🦹Mehen - සර්ප කුලයේ දෙවි කෙනෙක් වන mehen ගෙන් ඉක්මන් සුව වීමේ හැකියාව සහ අමරණියත්වය ලැබෙනවා
ඔන්න ඔය විදියට තමයි Teth Adam ට බලයන් ලැබෙන්නෙ..
Kahndaq වල ජනතාවට Black Adam ව අවශ්‍ය වෙලාවට උදව් ඉල්ලන්න Shazam කියල කියන්න තමයි තියෙන්නෙ. ඒවගේම Black Adam ට ඔහුගෙ සියලු බලයන් ලබාගන්න සහ සියලු බලයන් අත්හැරල දාන්න ඇති ක්‍රමය වෙන්නෙත් මේ විදියට Shazam කියල කියන එකයි😌
එතකොට Teth Adam තමයි තෝරාගත් Champion වෙන්නෙ.
ඒත් Teth Adam එහෙම නැත්නම් Hurut එයාගෙ තාත්තව බේරගන්න Shazam Powers අත ඇරපු නිසා Black Adam කියන්නෙ Champion කෙනෙක් නෙවේ..
හැබැයි Kahndaq වල මිනිස්සු Champion විදියට දැක්කෙ Hurut ව.
එහෙම නැතුව එයාගෙ තාත්තව නෙවේ..
මිනිස්සු දන්නෑ Hurut එයාගෙ Powers අත ඇරලා තාත්තට දුන්නා කියලවත් එතනින් පස්සෙ එයාගෙ පලිගැනීම හින්ද මුලු නගරයම විනාශ වුනා කියලවත්.
ඔන්න ඉතින් ඒ ප්‍රශ්නෙ සහ තව ප්‍රශ්න දෙක තුනකටම අදාල උත්තර මෙතන තියෙනවා.
___________
Q) අවුරුදු 5000කට පස්සෙ නිදහස් වුන Black Adam English කතා කරන්නෙ කොහොමද ?
A) මේකට උත්තරෙත් උඩ එකේම තියෙනවා ගායිස්✌️
මේකට දෙන්න තියෙන උත්තරේ තමා Zehuti දෙවියන්ගෙන් ලැබුන Wisdom එක එහෙම නැත්නම් ප්‍රඥාව..
තමන් නිදහස් උනාට පස්සෙ ඒ කාලයට අදාල භාෂා රටාවට හැඩගැහෙන්න ඒ wisdom එක නිසා පුලුවන් කියල තමයි Movie එකේදි පෙන්නන්නෙ ගායිස්.
___________
Q) Dr. Fate ඇත්තටම මැරුනද? එතකොට DC Cinematic Universe එක ඇතුලෙ ආපහු Kent ව දකින්න ලැබෙන්නැද්ද ?
A) මේක තමයි ගොඩ දෙනෙක් Movie එක Release වුන දවසෙ ඉදන් අහපු ප්‍රශ්නය🙁
•ඇත්තටම Dr.Fate ට මොකක්ද වුනෙ ?
•ආය Kent ව එහෙම නැත්නම් Fate ව බලාගන්න බැරිවෙයිද?
•Fate ට මැරෙන්නැතුව කලින්ම Future එක බලලා Black Adam ව හිර නොකර ඉන්න හරි කලින් නිදහස් කරන්න හරි තිබුනා නේද ?
ඔය කියන ඔක්කොම ප්‍රශ්න වලට මේකෙදි උත්තර දෙන්නම් ගායිස්😍✌️
හරි මුලින්ම තිබ්බ පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ ; ඔව්..
කෙන්ට් එහෙම නැත්නම් Dr.Fate ඇත්තටම එයාගෙ ජීවිතය Sacrifice කරා Hawkman ගෙ ජීවිතය වෙනුවෙන්.
මෙහෙම කරන්න හේතුවක් විදියට Fate කියන්නෙ ඔහුට අවුරුදු ගානකින් (මතක විදියට අවුරුදු 100කට පස්සෙ ) Future එක දිහා බලද්දි මුකුත් පෙනුනෙ නෑ කියලයි🙁
ඒත් එක්කම Movie එක පටන් ගත්ත වෙලාවෙ ඉදන්ම Fate කියන්නෙ Fighting abilities වලින් සහ Adventurous වැඩ වලින් ටිකක් ඈත් වෙලා ඉන්න character එකක්. Hawkman ,Fate ගැන විස්තර කරද්දිත් ඒක ගැන කියනවා..
ඉතින් Justice Society එක ඉස්සරහට තියෙන්න නම් Fate ට වඩා ජීවත් වෙන්න සුදුසුම කෙනා Hawkman නිසා තමයි Fate අර විදියට තමන්ගෙ ජීවිතය Sacrifice කරන්නෙ😥
එතකොට Dr.Fate ට සම්පූර්ණ Future එකක් පෙනුන් නැද්ද?
මේකට නම් හරියටම දෙයක් මම කියන්න දන්නෑ ලොකුවට. හැබැයි Movie එකේ පෙන්නපු Details සහ Dialogue වලට අනුව නම් Fate ට පෙන්නන Future එක සාමාන්‍ය ස්වභාවයට වඩා chaotic ගතියෙන් වැඩියි කියල තමයි Fate කියන්නෙ...
ඒ වගේම Fate , Demon Champion ගෙ පැමිණිම දැක්කා කියල hint එකක් දෙන්නෙත් නෑ.. එතකොට ගොඩක් දුරට Movie එකට අනුව Dr.Fate දකින්නෙ අනාගතේ තියෙන Chaotic Incident විතරක් වෙන්නත් පුලුවන් 🤷
මං හිතන්නෙ Fate Black Adam ව පස්සෙ නිදහස් කරන්නෙ ඇයි කියන එකට එක Fact එකක් ඔයාලට හම්බුනා..
අනික තමයි ඇයි Fate , Black Adam ට තනියම Demon Champion එක්ක Fight කරන්න පුලුවන්කම තියෙද්දි එටහම දෙයක් සිද්ධ කරන්න ඉඩ දුන්නෙ නැත්තෙ කියන එක..
මේකට උත්තරේ විදියට දෙන්න තියෙන්නෙ Black Adam ගෙ තිබුන powers..
බැරි වෙලාවත් එහෙම Fight එකකට ඉඩ දුන්න නම් වෙන්නෙ අවුරුදු 5000කට කලින් උනා වගේම අහින්සක මිනිස්සුන්ටත් ඒ Battle එක හින්ද මැරෙන්න සිද්ධ වෙන එක.
හැබැයි Hawkman එක්ක Teamup වෙලා Adam Fight කරද්දි එවාගෙ Powers control කරලා තමයි Battle එක කරන්නෙ..
ඒ හින්ද තමයි Mass Destruction එකක් නැතුව Kahndaq බේරෙන්නෙ..
▶️ ඊලඟට අහල තිබ්බ ප්‍රශ්නයක් තමයි මේ විදියට Dr. Fate Future එක ගැන Hawkman ට කිව්වම Timeline එක අව්ල් වෙනවද නැද්ද කියන එක.
මේකට දෙන්න තියෙන්නෙ පොඩි උත්තරයක්.
Dr. Strange ට වගේම Dr. Fate ටත් Infinite Realities දකින්න පුලුවන් ..එතකොට එයාල පේන එක Reality එකක් කිව්වා කියල අදහස් කරන්නෙ එතන ඉදන් එයාලා ඒ Reality එක නැතුව වෙන Alternate Reality එකකට අනුව සිද්ධ වෙන්න ඕනෙ දේවල් සිද්ධ කරනවා කියන එකයි..
ඒ කියන්නෙ එක Reality එකක අනිවාර්යයෙන්ම Hawkman මැරෙනවා..
මෙන්න මේ කියන Time Travelling ,Time Reversal ,Alternate Realities ගැන අපි දාපු Article එකක් පේජ් එකේ පහලට ගියොත් ඔයාලට කියවන්න පුලුවන් 😌
ඒකෙ මේ ගැන සම්පූර්ණ විස්තරයක් තියෙනවා ගායිස්...
⚠️️ එතකොට Dr. Fate මැරුනනම් ඉස්සරහට Dr.Fate ව බලාගන්න වෙන්නැද්ද ?
මේ ප්‍රශ්නෙටත් Movie එකේ Director ඇතුලු Crew එකම උත්තර දීලා තියෙනවා. එයාලා කියන්නෙ මෙතන උන දේත් හරියට Star Wars IV : New Hope Movie එක වගේ කියල ..
ඒ කියන්නෙ Star Wars Universe එකේ පලවෙනිම Movie එක.
ඒකෙදිත් Obi Wan Kenobi පලවෙනි Movie එකෙන්ම මැරෙනවා.
හැබැයි එතනින් පස්සෙ මේ වෙනකන් ආව Projects වලදි අපි Obi Wan Kenobi ව දකිනවා..
ඉතින් අන්න ඒ විදියටම Prequel Projects හරහා අපිට Dr. Fate ව දැකගන්න පුලුවන් වේවි❤️
එතනින් මං හිතන්නෙ කට්ටියට Fate ගැන තිබ්බ ප්‍රශ්න ටිකට උත්තර හම්බෙන්න ඇති😌😌❤️
Q) Kahndaq කියන එක Kandahar Based කරගෙන හැදුන එකක්ද ?
A) මේක ගැනනම් කියන්න දන්නෑ ඇත්තටම.. හැබැයි පරිසරය එක්ක ගොඩක් දුරට සමානකම් තියෙන නිසා ගොඩක් අය කියන්නෙ Kahndaq කියන එක Build up වෙලා තියෙන්නෙ Kandahar Based කරගෙන කියලයි😌
⛔ මෙතනින් පස්සෙ තව පොඩි පොඩි ප්‍රශ්න කීපෙකට උත්තර දීලා ඊටපස්සෙ Movie එක Flop වුනෙ ඇයි කියල කතා තරමු✌️
Q) Kahndaq වල Intergang ඉන්නවා කියල දැනගෙනත් ඇයි Justice Society එක මැදිහත් නොවුනෙ?
A) මේක ගැනනම් දැන්ම කියන්න අමාරුයි මොකද Justice Society එක මොන විදියට ඉස්සරහට එන්න තියෙන Projects වලට සම්බන්ධ වෙයිද කියන එකත් එක්ක.
හැබැයි Movie එකට අනුව නම් Justice Society එක monitor කරල තියෙන්නෙ Terrorist attack වලටත් වඩා Global Threat කියන දේ තමයි පේන්න තියෙන්නෙ නම්🤷
Q) Superman ව එවන්නෙ කව්ද ?
Superman Vs Black Adam ?
A) Credit Scene එකේ විදියට නම් Superman ව එව්වා කියල හිතන්න පුලුවන්කම තියෙන්නෙ Amanda Waller තමයි.. මොකද එයා තමයි Black Adam ට Final Warning එක දෙන්නෙ.
එතකොට Superman Vs Black Adam ගැන කිව්වොත් මේකෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මුලදි Rock Hint දුන්නා වගේම Black Adam ව පරාද කරන්න පුලුවන් කෙනෙක් Earth එකේ නෑ..
Earth එකේ විතරයි 🌚
හැබැයි Superman ට පුලුවන් 😌
ගොඩක් දුරට ඒ Black Adam ව නවත්තන්න Superman ව එව්වා වෙන්නත් පුලුවන් නැත්නම් නිකන්ම Warning එකක් දෙන්න එව්වා වෙන්නත් පුලුවන් ඉතින්🤷
Q) DC Hierarchy එක වෙනස් වෙනවා කිව්වට වෙනස් වුනාද? ඉස්සරහට මොනව වෙයිද?
A) දැනට පේන විදියට නම් හොඳ path එකක් හැදීාගන යනව වගේ.. හැබැයි ඉතින් මේ movie එකේ flop එක Sequel වලට සහ ඉතුරු Projects වලට කොහොම බලපායිද කියන්න අමාරුයි..
තාම මේ ගැන Sequel එකක් ෂුවර් නැති මට්ටමක තමා තියෙන්නෙ 🙂
හරි ඉතින් ඔන්න ඔහොම තමයි Movie Plot එක ගැන කට්ටිය අහල තිබ්බ ප්‍රශ්න වලින් තෝරගත්ත ප්‍රශ්න ටික😌
දැන් අපි ඊලඟට වැදගත්ම දේ සහ මේ හෑල්ලෙ අන්තිම කොටසට යමු😌👇
❓ ඇයි Black Adam Flop වුනේ ?
1 billion box office එකක් predict කරල තියෙද්දි ඩොලර් මිලියන 400ක්වත් ගන්න බැරි වුනෙ ඇයි ?
මේකනම් ඇත්තටම Disappointed මාතෘකාවක් 🙁
මටනම් මේකට දෙන්න තියෙන උත්තරේ කමයි Movie එක Flop වුනේ Movie එකේ තිබුන අව්ලකින් නෙවේ.. Movie එක Flop වෙන්න ප්‍රධානම හේතුව තමයි DC fandom එක🌚
අමුතුවෙන් ටිපර් වෙන්න දෙයක් නෑ ඔයාලටම බැලුවොත් තේරෙයි ලංකාවෙ හැම තැනම Fact දදා දඟලපු ඇච්චො බැච්චො ටික Black Adam theater වෙද්දි සද්දයක් තිබුන්නෑ කියල 🙂
ලෝකෙ පුරාමත් වුනේ ඕකම තමයි ඉතින් 🌚
Marvel එක්කයි Marvel Character එක්කයි වැඩක් නැති Fact compare කර කර හිටියට DC fandom එක ඇතුලෙ හිටපු average, pure fan ලා ටික ඇරෙන්න කෑගහන කිසිම කෙනෙක් Movie එක බලන්න ගියේ නෑ🙂👍
ඕක තමයි Movie එක Flop වෙන්න තිබ්බ එකම සහ ප්‍රධානම හේතුව..
මං දන්නෑ ඉතින් නිතරම කෑගහන සෙට් එකට හැමදාම Reboot බල බල ඉන්න එක හොඳයි කියල හිතුනද දන්නෑනෙ🌚
හැබැයි Marvel වේවා අනිත් Fandom වේවා ඒවා එක්ක Compare කරපු වෙලාවෙ DC වලින් කාලෙකට පස්සෙ Enjoy කරන්න පුලුවන් හොඳ content එකක් release උනාම ඒක theater බලන්න යන්නැතුව කොච්චර නහයෙන් ඇඬුවත් වැඩක් නෑනෙ ගායිස්..
බොරු facts දාගෙන බැන්නට වැඩක් නෑ තමන් ඔච්චර ලොකුවට කියන fandom එකට අදාල universe එකේ movie එකත් pirate copies බාන්න නම් බලන් ඉන්නෙ🙂
කලින් කිව්වා වගේ DC වල සහ අනිත් හැම Fandom එකකම Movie එකක් Enjoy කරන බහුතරයක් තමයි Black Adam බලන්න ගියේ..
ඒත් Social Media ඇතුලෙදි ඔය කියන දේ අනිත් පැත්තට තමා වෙන්නෙ ලෝකෙ හැමතැනම..
බොරුවට කෑගහන සෙට් එකක් හිටියට එතන රසවිඳින්න පුලුවන් සෙට් එකක් නෑ..
ඕක හැම Fandom එකකම තියෙන දෙයක් උනාට මේක DC වලට එද්දි සෑහෙන වැඩි වෙලා තියෙනවා..
එහෙම වෙන්න ප්‍රධානම දේ තමයි Reboot සහ එකම projects කීපයක් බදාගෙන ඒවම Reboot වෙනකන් බලන් ඉන්න එක🙂
ඉතින් එහෙම තියෙද්දි Hierarchy එක නෙවේ මොකක් වෙනස් වුනත් හොඳ content කොච්චර ආවත් ඒවට වෙන්නෙත් මේ වගේම දෙයක් තමයි🙁👍
ඇත්තටම movie එක බලපු දවසෙ හිතුනෙත් Movie එක අඩුම මිලියන 500-600 අතර Boxoffice range එක්කට යන්න Worthy Movie එකක් කියල 🙁
ඒක තාමත් එහෙමමමයි Overall Movie එකේ සෑහෙන Positive Points තියෙනවා.. හැබැයි ඉතින් ප්‍රශ්නෙ තමයි කිසිම දෙයක් තේරෙන්නැතුව ඔහේ Facts දදා රණ්ඩු වෙන Fandom එක..
මේක Worldwide ම තියෙන අව්ලක්..
ඊටපස්සෙ ඉතින් අනිත්වගෙන් ගොම බෙට්ටක් පෙන්නුවත් Box Office යනවා කියල ඇඬුවට තේරුමක් වෙන්නෑ ගායිස🌚
Black Adam එකේ Sequel එකක් continue වුනේ නැත්නම් ඒකෙ වැරැද්ද ඉතින් වැටෙන්නෙ Fandom එකටම තමා🙂
කොච්චර මෙහෙම කිව්වත් Sequel එන්නෑ කිව්වොත් ඉවරම තමා ඉතින් 🌚
හරි එහෙනම් ටිපර් උනානම් ඒකට කරන්න දෙයක් නෑ🙂
මොකද Marvel පෑන්ටියො කියල බනින අපේ පේජ් එකෙන් තමයි spoiler free හෑල්ලකුත් දාලා Q and A එකකුත් දීලා මේ විදියට Movie එකේ plus point වැඩිපුර කතා කරන්න හිටියෙ 👍
අනිත් ඒවට බනිනවා නෙවේ අපිට බැනපුවට තමයි ඒ උත්තරේ දුන්නෙ😌
එහෙනම් ඉතින් මෙච්චර වෙලා කියෙව්වට තෑම්ස් වේවා❤️🤘
පස්සෙ සෙට් වෙමු ගායිස් 🤘❤️
මං ගියා ඕං🙂😌
✍️Admin: #බ්ලැක්පැන්තර්
#SriCOM #BlackAdam #QandA #AskFromSriCOM

Comments
Post a Comment