කැමරාව ප්‍රිය කළ මැරිලින්ගේ තිරය පිටුපස ජීවිතය - The Tragic Life of Monroe

කැමරාව ප්‍රිය කළ මැරිලින්ගේ තිරය පිටුපස ජීවිතය - The Tragic Life of Monroe.



අඳුරු පැතිකඩක් කිව්වට ඇත්තටම මේක පොඩි වයසේ ඉඳල කටුක අත්දැකීම් වලට මුහුණ දුන් ගැහැණියකගේ "ජීවිතයේ අඳුරු කටුක පැත්ත" ගැන කතාවක්. 


සිනමා ලෝලියෙක් හෝ ලෝක ඉතිහාසය ගැන හොයන කෙනෙක් නම් Marilyn Monroe කියන නම අනිවාරෙන් දන්නවා ඇති කියලා හිතනවා. මොකද සිනමා ඉතිහාසයට විශාල බලපෑමක් එකතු කරපු චරිතයක් තමයි මැරිලින් මොන්රෝ කියන්නේ. නමුත් Monroe, අපි දන්න කෙනාට වඩා ගොඩක් වෙනස් ජීවිතයකට හිමිකම් කියපු කෙනෙක්. ඇගේ චිත්‍රපට ඩොලර් මිලියන 200ටත් වැඩියෙන් ආදායම් ලබලා තියෙනවා. ඊටත් වඩා ඇය ලෝකයේ විශාල බලපෑමක් සිදුකල S * x symbol එකක් වෙනවා. Arthur Miller, Joe DiMaggio විතරක් නෙමේ ඇමරිකානු ඉතිහාසයේ ශක්තිමත්ම පුද්ගලයෙකු වූ ඇමරිකාවේ 35 වන ජනාධිපති වන John F Kennedy යන තිදෙනා සමග මැරිලින්ට තිබුනු සබඳතාවය නිසා ද ඇය ජනප්‍රිය වෙනවා. නමුත් ලෝකයම කළඹවපු ඇය ජීවිතේ මුල් කාලයේදී වගේම අවසානයේදි ද ගෙවන්නේ අවාසනාවන්ත සහ දුක්බර ජීවිතයක්. ඒ ජීවිතය අපි කැමරා කාචයේදී දකින ඇගේ ස්වරූපයට වඩා හුඟක් වෙනස්.


ඇගේ මරණයෙන් ආසන්න වශයෙන් වසර 60ක් ගෙවී තිබුනත් අදටත් මුලු ලෝකයම එක සැණින් අඳුරගන්න පුළුවන් මුහුණක් ඇය. ඇය අදටත් විවිධ නිර්මාණ තුළින් ජීවමාන කෙරෙනවා - සිනමා නිර්මාණ, සංගීතමය නිර්මාණ, චිත්‍ර වගේම තවත් වෙනස් ස්වරූප වලින්. නමුත් ඇය ජිවිත කාලයටම සැබෑ ආදරයක්, තමන්ට ඇහුම්කන් දෙන කෙනෙක් හොයන්න හුඟක් මහන්සි උනු කෙනෙක්. ඇය ගොඩක් අවස්ථා වලදී self-medication පාවිච්චි කල බවත් සඳහන් වෙනවා.


මේ දිනවල මොන්රෝගේ නම නැවතත් කතා බහට ලක් වෙන්න අරන් තියෙන්නේ ඉදිරියේදි Netflix වෙතින් එළිදැක්වෙන්න නියමිත, Ana de Armas විසින් මැරිලින් මොන්රෝ ලෙස රංගනයෙන් දායක වන Blonde චිත්‍රපටිය නිසාවෙන්. ඉතින් ප්‍රසිද්ධ Marylin ගැන අප්‍රසිද්ධ තොරතුරු ටිකක් කතා කරන්න හිතුනා.


👱🏻‍♀️• මැරිලින් කිසිම දිනක තම පියා දැක තිබුනේ නැහැ


කලින් කිව්වා වගේ මැරිලින් කියන්නේ පොඩි කාලයේ ඉඳන්ම දුක්බර ජීවිතයකට හිමිකම් කියපු කාන්තාවක්. 1926 වසරේ ජූනි පළමුවන දා, California ප්‍රාන්තයේ Los Angelesහි උපත ලබන ඇගේ උපත් නම වෙන්නේ Norma Jeane Mortenson. පසුකාලීනව ඇය බෞතීස්ම වීමෙන් පසුව Norma Jeane Baker ලෙස ඇගේ මවගේ වාසගම යොදාගන්නවා. Baker වගේම Mortenson කියන්නෙ ඇගේ මව කලින් පිළිවෙලින් විවාහ වී සිටි සැමියන් දෙදෙනාගේ වාසගම් දෙකයි. මොන්රෝ යනු ඇගේ මවට උපතින් හිමිවූ වාසගමයි.

වාසගම් කීයක් තිබුනත් ඇය කවදවත් ඇගේ ඇත්තම පියා කවුරුන්ද යනුවෙන් දැනගෙන හිටියේ නැහැ. ඇය නිම නොකල ඇගේ චරිතාපදානය වුනු My Story කෘතියේ, ඇගේ මව ප්‍රසිද්ධ රංගන ශිල්පී Clark Gableගේ හැඩරුවට සමාන පුද්ගගලයෙකුගේ ඡායාරූපයක් ලඟ තබාගෙන තිබූ බවත්, නමුත් කවදාවත් ඔහුගේ නම පැවසුවේ නැති බවත් සඳහන් කර තිබුනා. මොන්රෝ ඇගේ පියා ගැන සිතන හැමවිට ම Gableගේ මුහුණ මවාගන්නා බවද සඳහන් කරනවා. ඇගේ අවසන් චිත්‍රපටිය වුනු The Misfits චිත්‍රපටියේ Clark Gable සමග රංගනයෙන් දායක වුනා.


1981දී, The New York Timesහි Martin Edward Mortenson නම් මියගිය පුද්ගලයෙකුගේ විස්තර පළ කෙරුනා. විශේෂත්වය වූයේ ඔහු මියයන විට ඔහුගේ නම පියා ලෙස සඳහන් වූ Norma Jeane Mortensonගේ උප්පැන්න සහතිකයේ පිටපතක් සහ Gladys Bakerහා ඔහු අතර සිදු වූ විවාහ සහ දික්ක්සාද ලියකිවිලි ඔහු ලග තිබීමයි.


කොහොම උනත්, Gladys Baker කිහිප වතාවක් ම පැවසූ දෙයක් සහ ගොඩක් දුරට මැරි.ලින් විශ්වාස කරපු දේ තමයි ඇගේ ජීවවිද්‍යාත්මක පියා වන්නේ Gladysගේ කලින් රැකියා ස්ථානය වුනු Consolidated Film Industries ආයතනයේ මිතුරෙකු වූ Charles Stanley Gifford බව. පසු කාලීනව මැරිලින් ඔහුව සම්බන්ධ කරගැනීමට නොයෙක් උත්සහ දැරුවත් ඔහු කවදාවත් ඇයට කතා කිරීමට එකඟ වූයේ නැහැ.


👱🏻‍♀️• මැරිලින්ගේ මව ඉතාම දැඩි මානසික අක්‍රමතාවයකට මුහුණ දීම


Marylinගේ මව වුන Gladys Baker, Film Cutter කෙනෙක් විදිහට රැකියාවක නිරත වෙලා ඉන්න කාලයේදී තමයි Marylinට උපත දෙන්නේ. ඒ වෙද්දි ඇගේ කලින් විවාහයෙන් ලමයින් දෙදෙනෙක් හිටියත් ඇගේ කලින් සැමියා වුන Jack Baker ඔවුන් දෙදෙනාම ඔහු යටතේ තබාගත්තා. මැරිලින් ඉපදී සති දෙකකින් ම ඇගෙ මව විසින් ඇයව Foster care සඳහා Ida සහ Wayne Bolender නම් යුවලට ලබාදෙනවා. Gladys ගේ මව මෙන්ම ඇයටත් යම් මානසික ගැටළු තිබුනත් මැරිලින්ට වයස අවුරුදු 7දි ඇය නැවතත් මව සමග එක් වෙනවා. කොහොම උනත් ඒ වසරේම නැවතත් Gladys මානසික ව්‍යාකූලතාවයකට මුහුණ දෙන්නේ ඇගේ 13 හැවිරිදි පුත්‍රයාගේ මරණයෙන් පසුවයි. කිසිම දවසක ඇගේ පියාගේ මුහුණවත් දැක නොතිබූ ඇය, අවුරුදු 7දී ඇගේ මවගෙන් ද වෙන් වෙන්න සිදුවෙනවා. එයට හේතුව ඇගේ මව Paranoid Schizophrenia එහෙම නැත්නම් "භින්නෝන්මාදය" කියන මානසික අක්‍රමතා තත්වයෙන් පෙළෙන බව අනාවරණය වීමයි. ඇගේ මව පමණක් නොව මවගේ දෙමාපියන්ද මේ මානසික තත්වයෙන් පෙලෙන්නට උනා. ඇගේ මවගේ මේ තත්වය නිසා මැරිලින්ට කුඩා කාලයේ සිටම හුඟක් කරදර වලට මුහුණ දෙන්න සිදු උනා. මේ පිළිබඳව ඇය පැවසූ දෙයක් තමයි ඇගේ මව ගැන ඇයට තිබුනු මුල් ම මතක වලින් එකක් වෙන්නේ ඇය තොටිල්ලේ ඉද්දිම මව විසින් කොට්ටයක් යොදාගෙන ඇගේ හුස්ම හිර කර මරා දමන්න දැරු උත්සහය බවයි.


මානසික රෝහලේ ප්‍රතිකාර ලබපු Gladys ඉදිරි වසර කිහිපය ගත කලේ විවිධ මානසික ආයතන තුලයි. වසර කිහිපයක් මව සහ දියණිය අතර කිසිම කතා බහක් නොතිබුනත් පසුකාලීනව ඔවුන් අතර සබඳතාවය ගොඩ නැඟෙනවා. මැරිලින් ඇගේ කැමති පත්‍රයෙන් ඇගෙ මවට වාර්ශිකව ඩොලර් 5000ක මුදලක්ද වෙන් කර තිබූ බව සඳහන් වෙනවා. මැරිලින් ගේ ම ර ණයෙන් පසුව ද වසර 22ක් පමණ ජීවත් වුනු Gladys Baker මිය යන්නේ 1984දී. එය හෘදයේ ඇති වුනු ආබාධයක් හේතුවෙන්.


👱🏻‍♀️• මැරිලින් කුඩා කාලය ගෙවුනේ අනාථ නිවාස සහ සුරැකුම් ආයතන (foster homes) අතර දෝලනය වෙමින්


තමන්ගේ පියා නැති නිසාත්, මවගේ මානසික ගැටළු හේතුවෙන් ඇයට මැ.රි.ලි.න් රැකබලාගන්න තිබුනු අපහසුතාවය නිසාත් මැ.රි.ලි.න්ට කුඩා කාලයේ සිටම විවිධ අය යටතේ හැදී වැඩෙන්න සිදු උනා. Gladys පළමුවෙන් ම රෝහල්ගහ කෙරුනු අවස්ථාවේ මැ.රි.ලි.න් රැක බලාගත්තේ ඔවුන්ගේ අසල්වැසි පවුලක් විසින්. ඔවුන් මැ.රි.ලි.න්ව නිත්‍යානුකූලව හදාගන්න කැමැත්ත පළ කරත් Gladys එයට කැමති උනේ නැහැ.


පසුව මැ.රිලි.න් තම මවගෙ හොඳම මිතුරිය වුනු Grace McKee සමග සිටියත් 1935දී McKee හට මුදල් අපහසුතාවයක් නිසා Los Angeles Orphans Home Society නම් ආයතයනට Marylinව ඇතුලත් කරනවා. මෙහිදී මැ.රිලි.න් ගෙවා දැම්මේ විශාල තනිකමක් පිරුනු ජිවිතයකටයි.


1937දී නැවත Grace සහ ඇගේ සැමියා Doc Goddard විසින් Monroe රැක බලාගන්නා ලදි. මේ වෙනුවෙන් Monroe ගේ මව විසින් මේ සඳහා ඔවුන්ට සතියකට ඩොලර් 25ක මුදලක් ද ගෙවනු ලැබුවා. Goddard යුවල යටතේ ඇය ඉතාමත් ආගමික පරිසරයක තමයි හැදුනේ. මොවුන්ගෙන් ඇයට තිබුනු නොයෙකුත් නීති වලින් එකක් වුනේ ඇයට චිත්‍රපටි නැරඹීම තහනම් වීම.


නමුත් පසුව Doc Goddard හට රැකියා මාරුවක් හේතුවෙන් ඔවුන්ට නිවෙස් මාරු වීමට සිදු උන නිසා ඔවුන්ට Monroe අතැර දමන්න සිදුවනවා. මේ සිදුවීමෙන් පසුව ඇය කල් ගෙවන්නෙ අනාථ නිවාස සහ හදා වඩා ගන්නා පවුල් අතර. The New York Times සඟරාව සඳහන් කරන ලෙස මැරිලින් ආසන්න වශයෙන් පවුල් 12ක් සමග සිටි බවත්, මෙයින් බහුතරයක් ඇයට ඉතාමත් නපුරු විදිහට සැලකූ බවත් සඳහන් වෙනවා. මෙහිදී ඇය විවිධ අවස්ථා වලදි ලිං - ගි - ක අපයෝජන වලටද මුහුණ දුන්නා. ඇය පසුකාලීනව සදහන් කරනවා අවුරුදු 11දී ඇය ලිම්ගි ක - අ ත ව ර ය ක ට ද මුහුණ දුන් බව. මේ හේතුවෙන් ඇයට ඇති වූ ක ම් ප න ය නිසා ඇය ගොත ගසා කතා කිරීමටද ද පටන් ගත් බව ඇය පවසනවා. ඒ අතර, අවුරුදු 15දී ඇය පාසල් ජීවිතයට ද සමුදෙනවා.


👱🏻‍♀️• Marylinගේ පළවෙනි විවාහය සිදු වුනේ ඇයට අවුරුදු 16ක දී


මේ වන විට ඇයට එක් ගැලවීමක් විදිහට පෙනුනේ විවාහයක් කරගැනීමයි. ඒ අනුව Goddard යුවලගේ අසල්වැසියෙක් උනු Jimmy Dougherty සමග විවාහ වෙන්නේ ඇයට වයස අවුරුදු 16දී.

ඔහු පැවසූ පරිදි, “I thought she was awfully young, but I took her to a dance ... We talked and we got on pretty good.” ඒ අනුව ඔවුන් දෙදෙනා 1942දී ජූනි 19 වන දින විවාහ වුනා.

ඔහු පසුව හමුදා සේවයට බැඳෙනවා වගේම දෙවන ලෝක යුද්ධය සඳහා සහභාගී වීමට පිටවනවා. මැ.රිලි.න් රැකවල් මධ්‍යස්ථානයක කුඩා රැකියාවකට බැඳෙනවා. ඇය එහි සිටි ඡායාරූප ශිල්පියෙක් ගේ නෙත ගැටෙන්නේ ඇයට නිරූපිකාවක් වීමේ අවස්ථාව ලබාදෙමින්. 1946දී ඇය ඔහුගෙන් දික්කසාද වීමෙන් ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය එතනින් අවසන් වෙනවා. පසුකාලීන ව Dougherty විසින් ඔවුන් දෙදෙනා එකිනෙකා සමග ආදරෙන් සිටි බව පැවසුවත් මැ.රිලි.න් පවසන්නේ මෙහෙම දෙයක්,


“My relationship with him was basically insecure from the first night I spent alone with him.”


"මම ඔහු සමඟ තනිවම ගත කළ පළමු රාත්‍රියේදී ඔහු සමඟ මගේ සම්බන්ධතාවය අනාරක්ෂිත බව මට හැඟුනා."


👱🏻‍♀️• Joe Dimaggio සහ මැ.රිලි.න් Monroe අතර විවාහ ජීවිතය වසරකටත් වඩා කෙටි විය.


1952දී ජනප්‍රිය බේස්බෝල් ක්‍රීඩකයෙකු වුනු Joe DiMaggioව මැරිලි.න්ට හමුවෙනවා. වසර දෙකක සම්බන්ධයකින් පසුව ඔවුන් දෙදෙනා 1954දී ජනවාරි 14 වන දා විවාහ දිවිය අරඹනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ අදහස් පරස්පරව ගැටෙන්න පටන් ගන්නවාත් සමග ආරවුල් හටගන්නවා. ඇය ඇගේ රංගන දිවියට සමුදෙන්න අකමැති වුවත්, ඔහුට ඔහුගේ බිරිය s.*.x symbol එකක් වීම සහ ඇගේ රංගන දිවිය ගැන තිබුනේ දැඩි අකමැත්තක්. මැරිලි.න් සමග සම්බන්ධයක් තිබූ Elia Kazan පැවසුවේ DiMaggio විසින් ඇයට හැම විටම පහර දුන් බව ඇය විසින්ම ඔහුට පැවසූ බව්‍යි.


1954 සැප්තැම්බර් මස මැරිලි.න් ගේ The Seven Year Itch චිත්‍රපටියේ ජනප්‍රිය උමං මඟ දර්ශනයේ රූගත කිරීම් දෙස බලා සිටි DiMaggio එයට දැඩි ලෙස විවේචනය කිරීමත් සමග ඔවුන් දෙදෙනා අතර ගැටුම දුරදිග යන්නට විය. එයත් සමග මැරිලි.න් දික්කසාදයකට පැමිණිල්ලක් කරන්නේ “මානසික කෲරත්වය” යනුවෙන් සඳහන් කරමිනි.


ඔවුන් දෙදෙනාගේ මිතුදම නැවත 1961දී නත්තල් සමයෙන් ආරම්භ විය. ඔහු ඇගේ ඇබ්බැහි වීම් වලින් ගොඩ ඒමට සහ ඇගේ මානසික ආරවුල් පිළිබඳ ව ඇයට සහය වුනා වගේම ඇගේ මරණයට ඔහු වග කිව යුතු යැයි ඔහු විසින් ම පවසනු ලැබුවා. ඇගේ අවමංගල කටයුතු සැලසුම් කළ ඔහු, ඇගේ ථූපයට ඉදිරි වසර 20ක් යන තෙක් ම සති තුනකට වරක් රෝස මල් පොකුරක් යවන්නට කටයුතු කලා.


👱🏻‍♀️• Hugh Hefner විසින් මැරිලි.න් Monroeගේ නි රු ව ත් ඡායාරූප ඇගේ අවසරය නොමැතිව ප්‍රචාරය කරන ලදි.


මැ.රිලින් සිනමා ක්ෂේත්‍රයට පය තබන්නට පෙර නිරූපිකාවක් ලෙස කටයුතු කළා. චිත්‍රපටි සඳහා ඇගේ පළවෙනි ගිවිසුම Fox ආයතනය සමග අත්සන් තබන්නේ 1946දී. නමුත් 1947 වන විට ඇයට එම ආයතනයෙන් පිටවෙන්න වෙනවා. 1948දී Columbia ආයතනය සමග ගිවිසුමක් අත්සන් කල ද එම වසරේම එම ගිවිසුමත් නවත්වන්න සිදුවෙනවා.


ඇගේ රංගන දිවියේ තිබුනු අසාර්ථක බව නිසාම ඇය ආර්ථික ප්‍රශ්න වලට ද මුහුණ දුන්නා. මෙවැනි අවස්ථාවක තමයි 1949දී ඇය Tom Kelly නම් ඡායාරූප ශිල්පියෙක් සමග එකඟ වන්නේ නි . රු . ව . ත් ව ඡායාරූපයකට පෙනී සිටින්න. මෙයින් ලැබෙන $50 ඇගේ මෝථර් රථයේ ගාස්තු ගෙවීමට ඇයට අවශ්‍ය ව තිබුනා. 1950 වන විට ඇගේ සිනමා දිවිය ස්ථාවරත්වයක් ගෙන තිබුනා වගේම ඉන් පසුව ඇගේ එම ඡායාරූප සහ එම ඡායාරූප මුද්‍රණය කර තිබූ භාණ්ඩ ඉතාමත් ප්‍රසිද්ධ උනා.


1953දී ජනප්‍රිය ප්‍රකාශකයෙකු වූ Hugh Hefner එහි එක් ඡායාරූපයක අයිතිය මිලට ගෙන ඔහුගේ Playboy සඟරාවේ මුල් පිටුවේ පළ කරනවා. Washington Post හි සඳහන් පරිදි, මැ.රිලින් පසුකාලීනව පැවසුවේ ඇගේ ඡායාරූප භාවිතා කර මිලියන ගණනක් උපයාගත් කාගෙන්වත් ඇයට අඩුම ස්තූතියක්වත් ලැබුනේ නැති බවයි.


“I never even received a thank-you from all those who made millions off a n.u.d.e මැ.රිලින් photograph.”


Hugh Hefner කවදාවත් මැ.රිලින් හැබැහින් දැක නොතිබුනත් ඔහුගේ සිතේ ඇයට තිබූ ඇල්ම නම් ඇගේ මරනයෙක් පසුව ද නැති වුනේ නැහැ. 1992දී ඔහු ඩොලර් 75,000ක් ගෙවා මැ.රි.ලින් ගේ භස්ම තැන්පත් කර තිබෙන memorial crypt එකට යාබදව තිබෙන තැන ඔහු වෙනුවෙන් වෙන් කරවා ගත්තා.


👱🏻‍♀️• මැ.රි.ලින් Monroe දැඩි සබකෝලයකට (stage-fright) මුහුණ දුන්නා.


හොලිවුඩ් තරුවක් වීමේ අධිෂ්ඨානය තිබුනත්, මැ.රි.ලින් Monroe දැඩි සබකෝලයකට මුහුණ දුන්නා. Bus Stop චිත්‍රපටියේ ඇය සමග එක් ව රංගනයෙන් දායක වුනු Don Murray විසින් Closer Weekly පුවත්පතට පැව්සුවේ රූගත කරන හැම දර්ශනයකට පෙරම ඇය කොයිතරම් බිය වූවාද කියනව නම් ඇය වෙලාවකට දැඩි ලෙස කලබලකාරීව හැසිරෙන බවයි. ඇගේ දෙබස් මතක තබාගන්න අපහසු වීම වගේම ඇයට තිබුනු කේන්ද්‍රයෙන් පිටතට යෑම වැනි දේ මේ ආතතිය නිසාම ඇගෙන් සිදු වුනා. මේ ප්‍රශ්නය නිසා එක සාර්ථක දර්ශනයක් වෙනුවෙන් චිත්‍රපටිය සංස්කරනය කරද්දී takes ගනනාවකින් පොඩි පොඩි කොටස් එකතු කරන්නට සිදු උනා. බොහෝ අවස්ථාවල ඇය රූගත කිරීම් වලට පැමිණෙන්නේද පමා වී බවයි සඳහන් වෙන්නේ. මේ පිළිබඳ ව සඳහන් කරමින් Murray පැවසුවේ,

“I think it was a lack of confidence. For somebody who the camera loved, she was still terrified.”


👱🏻‍♀️• Arthur Miller සහ මැ.රි.ලින් Monroe අතර විවාහය දෙදෙනාටම අපහසුතාවයක් විය.


Arthur Miller යනු Pulitzer සම්මානය දිනාගත් ඉතාමත් ජනප්‍රිය නාට්‍ය සහ පිටපත් රචකයෙක්. අදටත් ඔහුගේ නිර්මාණ පාඨකයන් අතර ප්‍රසිද්ධයි. මැ.රි.ලින්ට අනුව ඔවුන් දෙදෙනා මුණ ගැහෙන්නේ 1951 වසරේ චිත්‍රපටියක රූගත කිරීමකදී.


1955 වෙන විටදී ඔවුන් දෙදෙනාම හුඟක් සමීප වෙලා තිබුනා. මැ.රි.ලින් DiMaggioගෙන් දික්කසාද වී තිබුනත් ඒ වන විට මිලර් විවාහකයි. නමුත් ඔහු ද 1956දී දික්කසාද වෙනවා. දික්කසාද වී දවස් 8කින්, එනම් 1956දී ජූනි 29 වන දා ඔවුන් දෙදෙනා විවාහ වෙනවා.


ආරම්භයේදී ඔවුන් අතර ආරවුලක් නොතිබුනත් මැ.රි.ලින් බලාපොරොත්තු උනු මානසික ශක්තිය සහ දිරි ගැන්වීම ඔහුගෙන් ලැබුනේ නැති කල ඇයට ද ඔහු කෙරෙහි තිබුනු ඇල්ම අඩු වෙන්න පටන් ගත්තා. එක් අවස්ථාවකදී ඇයට ඔහුගේ දිනපොතේ ඇය ගැන සඳහන් කල සටහනක් දකින්න ලැබෙනවා. එහි ඔහු සඳහන් කර තිබුනේ ඇය නිසා ඔහුට “ලැජ්ජාවක්” දැනෙන බව සහ ඇය ගැන දැඩි “කලකිරීමක්” තිබෙන බවයි.


ඔහුගේ මේ හැඟීම් ඔහු ප්‍රසිද්ධ කරන්නේ The Misfits චිත්‍රපටියේ පිටපත ලිවීමෙනුයි. එහිදී ඔහු මැ.රි.ලින් ගේ චරිතයේ තිබෙන “අහිංසක නමුත් මානසිකව බිඳ වැටුනු” ස්වභාවය මතු වෙන ලෙස චිත්‍රපටියේ Roslyn චරිතය මවා තිබුනා. මේ චිත්‍රපටියේ රූගත කිරීම් සහමුළින්ම අසාර්ථක උනු අතර ඔවුන් දෙදෙනා ද ටික කලකින් දික්කසාද වෙනවා.


මිලර් විසින් මැ.රි.ලින් ගේ අවමංගල උත්සවයට සහභාගී වුනේ නැහැ. ඔහු ඈ ගැන 60 Minutes වැඩසටහනේ පැවසුවේ, “ඇය අධි සංවේදී භාණ්ඩයක් වගේ. එය විසින් ම තමා විනාශ කරගන්න පටන් ගන්නකන් ලඟ තබාගැනීමට හරිම උනන්දුවක් දැනෙනවා.”


“She was a super-sensitive instrument, and that's exciting to be around until it starts to self-destruct."


👱🏻‍♀️• Monroeට අවශ්‍ය උනු දරුවා ඇයට කවදාවත් ලැබුනේ නැහැ


ඇගේ ළමා කාලය කොයි තරම් දුක්බර එකක් උනත් ඇයට තමන්ගේම ළමයෙක් අවශ්‍ය වුනේ Miller සමග විවාහ වුනු කාලයේදියි. අවාසනාවන්ත ලෙස ඇයට කිසිම දිනක දරුවෙක් ට උපත දෙන්න අවස්ථාවක් ලැබුනේ නැහැ. Miller සමග විවාහ වී සිටියදී ඇයට දෙපාරක් ම ගර්භපාතය (miscarriage)ට මුහුණ දෙන්න සිදු වෙනවා.

ඒ වගේම ඇයට බහිෂිකේතනක ගර්භණී තත්වයකට* (ectopic pregnancy) ද මුහුණ දෙන්න සිදු වෙනවා.

තවද, ඇය endometriosis තත්වයකට ද මුහුණ දුන් බව සඳහන් වෙනවා. මෙහිදී ගර්භාශයේ මතුපිට ඇති වන දැඩි වේදනාකාරී තත්වය ප්‍රජනන පද්ධතියේ අනෙකුත් අවයව වෙතද පැතිරෙනවා. මෙම තත්වය ස්වභාවිකව ග බ් සා වන් ඇති වීමේ ප්‍රවනතාවය වැඩි කරවනවා.


මැ.රි.ලින් පිලිබඳව ඇති එක් අදහසක් තමයි ඇය විවිධ අවස්ථාවන් වලදී ස්වකැමැත්තෙන් ග බ් සා කරගත් බව. මෙය ඒ කාලයේ නිත්‍යානුකූල නොවුනත් අසාමාන්‍ය දෙයක් නෙවේ. මොකද හොලිවුඩයේ අධ්‍යක්ෂකගාර කිහිපයක කාන්තා රංගන ශිල්පීන් හට ගැබ් ගැනීම සහ දරුවන් පිළිබඳව දැඩි රීති පනවා තිබුනා.


Vanity Fair වාර්තා වලට අනුව Jean Harlow, Bette Davis, Joan Crawford, සහ Ava Gardner වැනි ඉතාමත් ජනප්‍රිය නිළියන් තම රංගන දිවිය සහ ආදායම නැති කරගන්න බැරි නිසාම ග බ් සා වන් කරගත් බව සඳහන් වෙනවා.


*බහිෂිකේතනක ගර්භණී තත්වයකදී සිදු වෙන්නේ සංසේචිත ඩිම්බයක් ගර්භාෂයට පිටතින් වර්ධනය වීමයි.


👱🏻‍♀️• මැරිලින්හට ජනප්‍රිය පුද්ගලයන් ගණනාවක් සමග සම්බන්ධතාවයන් පැවතුනා


මැ.රි.ලින් ගේ ජීවිතයේ හමු වුනු පුද්ගලයන් බහුතරයක් සමග ම ඇයට සම්බන්ධතාවයන් තීබුනා. Miller සමග විවාහ වී සිටියදී Let’s Make Love චිත්‍රපටියේ ඇගේ සහය නළුවා වුනු Yves Montand සමඟ ප්‍රසිද්ධ සම්බන්ධතාවයක් පැවතුනා. මෙය Miller දැනගෙන සිටියත් ඔහුට ඒ පිළිබඳව වැඩි තැකීමක් තිබුනේ නැහැ වගේම Marilyinගේ මිතුරියක් වුනු Simone Signoret, Montandගේ බිරිඳ මේ පිළිබඳව පුදුම නොවුන බව සඳහන් කරනවා. Some Like It Hot චිත්‍රපටියේ නළු Tony Curtis (ඔහු පවසන පරිදි) සමඟ ද ඇයට සම්බන්ධතවයක් තිබුනු බව සඳහන් වෙනවා.


මැරිලින් Monroe හඳුනන හැමෝම දන්නව ඇති ඇය සහ හිටපු ඇමරිකානු ජනපති John F Kennedy අතර සම්බන්ධයක් තිබුනු බව කෙරෙන ආන්දෝලනාත්මක අදහස. හැබැයි හුඟක් වාර්තා කියන්නේ නම් එය නිකන් කටකතාවක් විතරයි කියලා. TIME සඟරාවට අනුව නම් ඔවුන් දෙදෙනා අතර එකම එක් අවස්ථාවක, එනම් 1962 වසරේ මාර්තු මස හිතවත් මුණගැසීමක් සිදු වුන බව සඳහන් වෙනවා. කොහොම උනත් මොවුන් දෙදෙනා අතර ශක්තිමත් සම්බන්ධතාවයක් තිබුනු බව හුඟ දෙනෙක් ගෙ විශ්වාසයයි.


ඒ විතරක් නෙවේ, මැරිලින් හට Kennedyගේ සහෝදරයා වුනු Robert Bobby Kennedy සමඟ ද සම්බන්ධතාවයක් තිබුනු බව විශ්වාස කෙරෙනවා. යම් අවස්ථාවක Kennedy සහෝදරයන්ගේ බාලම සොහොයුරිය මැරිලින් ට මෙවැනි දෙයක් ලියා එවනවා,

“Understand that you and Bobby are the new item!”


👱🏻‍♀️• මැරි.ලි..න් Monroe දැඩි ඇබ්බැහිවීම් සහ මානසික ගැටළු වලට මුහුණ දුන්නා


මැරි.ලි..න් ගේ endometriosis තත්වය නිසා සැර painkillers වර්ග කිහිපයක් ම දොස්තරවරුන් විසින් ලබා දුන් බව සඳහන් වෙනවා. ඒ වගේම ඇයට නින්ද නොයන තත්වයක් හේතුවෙන් සහ කාන්සා තත්වය වෙනුවෙන් barbiturate යන බෙහෙත් වර්ගය ද ඇය ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඇය අධික ලෙස මත්පැන් (විශේෂයෙන් Champagne) පානය කිරීමට ද ඇබ්බැහි වී සිටියා.


ඇය මරණයට පත් වන විට ඇගේ ඇඳ අසල මේසය පුරාවට විවිධ බෙහෙත් වර්ග පිරුනු බෝතල් දකින්න ලැබුනු බව වාර්තා වෙනවා. මෙහි හුඟක් බෙහෙත් වර්ග විශාදය සඳහා ලබාදෙන බෙහෙත් විය. විවිධ අවස්ථාවල දි ඇයට පෞරුෂත්ව අක්‍රමතාවයක් (personality disorder) තිබෙන බව ද සඳහන් කෙරුනත් විධිමත් ලෙස ඇයට එය සනාථ කරගන්න හැකි උන බව ඇය කොතැනකවත් සඳහන් කර නැහැ. ඇගේ මානසික මට්ටමේ දකින්න තිබුනු මෙවැනි අවුල් සහගත තත්වය නිසාම ඇය එක් වරක් හෝ සියදිවි හානිකර ගැනීමට තැත් කරන්නට ඇති බවට පිළිගන්න පුළුවන්.


👱🏻‍♀️• මැරිලින් Monroeගේ මරණයේ හේතුව නිශ්චිත නැහැ


මැරිලින් Monroe ගේ නිසල දේහය ඇගේ නිවසේ සේවිකාව වන Eunice Murray විසින් සොයාගන්නේ 1962 වසරේ අගෝස්තු 5 වන දා. මරණ පරීක්ශනයෙන් හෙළි වුනේ barbiturate බෙහෙත් වර්ගය overdose වීමෙන් මරණය සිදු වී ඇති බවයි. ඒ අනුව මෙය සිය දිවි හානි කරගැනීමක් විය හැකි බව ප්‍රකාශ කෙරුනා.


කෙසේ නමුත් හුඟ දෙනෙක් මෙම තීරණයට එකඟ නොවුනේ ඇයව කවුරුන් හෝ ඝාතනය කර ඇති බවට ප්‍රකාශ කරමින්. විවිධ පුද්ගලයන්ගේ අදහස් අනුව ඇයව ඝාතනය කලේ Kennedy පවුල, මාෆියා කල්ලියක්, කියුබානු රජය, FBI, Eunice Murray හෝ මනෝවෛද්‍යවරයෙකු වූ Dr. Ralph Greenson විසින් බව ප්‍රකාශ කෙරුනා. සාක්ෂි දුන් පුද්ගලයන්ගේ ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම ද විශේෂ කරුණක්.


සමහරුන්ට අනුව මැරිලින් රඟපාමින් සිටි චිත්‍රපටියකින් ඇයව අයින් කර නැවතත් බඳවා ගැනීම නිසා ඇය තමන්ගේ රංගනය කෙරෙහි දැඩි උවමනාවකින් වැඩ කරගෙන සිටි බවත් ඒ හේතුවෙන් ඇය ඉතාමත් උද්‍යෝගීව වැඩ කටයුතු කරගෙන සිටි බව පැවසෙනවා. නමුන් Greenson සහ තවත් පිරිසක් පැවසුවෙ ඇයව අවසන් වරට දකින විට මානසික ආතතියකින් පෙලුනු බවයි.

ඇගේ සේවිකාව වන Murray පැවසුවේ ඇය මරණයට පත් වූ දිනයේ Bobby Kennedy ඇගේ නිවෙසට ආ බවයි. නමුත් මෙය FBI විසින් පරීක්ෂන පවත්වා අවලංගු කරන ලදි.


කොහොම නමුත් මැරිලින් Monroe කියන්නේ සිනමා ඉතිහාසය වගේම හොලිවුඩයම කළඹන්න සමත් වුනු චරිතයක්. නමුත් ඇය අවාසනාවන්ත ලෙස මිය යද්දී ඇයට වයස අවුරුදු 36ක් පමණයි. ඇගේ ජීවිත කථාවේ ලොකුම දුක්බර දෙය තමයි බින්දුවකින් නෙමේ දශමයකින් පටන් අරන් ඇගේ ජීවිතය කොයිතරම් දුරට ගොඩ නගාගත්තත්, ඉදිරි වසර ගණනාවකටම නොමැකෙන විදිහට ඇය ඇගේ නම ඉතිහාසයේ ලියන්න සමත් වුනත්, ඇතුලාන්තයෙන් ඇයට කවදාවත් ඇය පතපු ආදරය සහ රැකවරණය ලබා නොගෙන ම මිය යාමට සිදුවීම. අපි හැමෝම දන්න, glamour රැජිනක් වගේම ජනප්‍රිය පුදගලයන් තමන්ගේ ග්‍රහනය නතු කරගන්න සමත් වුනු සුරූපී se* symbol එකක් වුනු ඇය තිරය පිටුපසින් ඇත්තටම කැඩී බිඳී ගිය කණ්ණාඩි කැබලි එකතු කර හදපු හරිම සියුමැලි කැඩෙන සුලු පොදියක්.


ඉතින්, ඉතිහාසයේ යුගයක් තමන්ටම අයිති කරගත්තු මැරිලින් Monroe ගේ කතාවට Blonde චිත්‍රපටිය තුළින් සාධාරණයක් කරාවිද? මැරිලින් ලෝකයට ඇය ගැන කියන්න හිතපු නමුත් නොහැකි උනු ඇගේ කතාව Ana de Armas තුළින් අපිට දකින්න ලැබෙයිද? මැරිලින් Monroe නෙමේ Norma Jean ව අපිට Ana ගෙන් හම්බෙයි ද? මොකද හිතන්නේ ඔයාලා? චිත්‍රපටිය එනකන්ම ඉවසලා බලන් ඉමු.


✍️Admin: Afi Aiza • ශ්‍රී කොම්

🖼කවරය: Dilshan Kankanamge


#SriCOM #MarilynMonroe

https://www.facebook.com/TheSriCOM/

Comments

Popular posts from this blog

1899 tv series sinhala review

Black adam movie sinhala explain