ලයෝරෝනා ( LALLORONA) sinhala
ලයෝරෝනා( LALLORONA) - ඇමෙරිකානු ජනප්රවාද
ලයෝරෝනා යන වචනයෙහි ස්පාඤ්ඤ අර්ථය නම් "වැළපෙන කාන්තාව" යන්නයි. ලයෝරෝනා අතිශය සුන්දර පෙනුමකින් සහ කළු දිගු වරලසකින් යුත්, සුදු ගවුමක් ඇඳි කාන්තාවක් ලෙස සැලකෙන අතර මෙක්සිකෝව සහ ඇමෙරිකාවේ සිනමන් කැන්යන් යන ස්ථානවල දක්නට ලැබෙනවා යයි පවසයී.
රාත්රී කාලයේ අදික ලෙස විලාප නඟමින් ජලාශ අවට සැරිසරන මෙම ආත්මය, යම් දරුවෙකු දුටුවහොත් එම දරුවාව ජලයේ ගිල්වා මරණයට පත් කරන බවද පැවසේ. මෙම ආත්මය තවත් විටෙක "සුදු ඇඳි කාන්තාව" ලෙසින්ද හඳුන්වයි. මෙවැනි ආත්මයන් බොහෝ ස්ථානවල සිටි බවට අසන්නට ලැබුනත් මෙහි ආරම්භය පිළිබඳව කිසිවෙක් නිවැරදිව කරුණු නොදනී.
කෙසේ වෙතත් ජනප්රවාද වලට අනුව මරියා නම් වූ එක් සුන්දර කාන්තාවක් ඉතා ධනවත් පුද්ගලයෙකුට විවාහ කර දෙනු ලැබුණි. කාලක් ගත වන විට මොවුන්ට දාව පිරිමි දරුවන් දෙදෙනෙකු උපත ලැබීය. නමුත් මෙම කාන්තාවගේ ස්වාමියා සුරාව සහ අන් කාන්තාවන් ඇසුරු කිරීමට ඇබ්බැහි වූ නිසාම පවුල තුළ විවිධ ප්රශ්ණ ඇති විය. තම ස්වාමියා අන් කාන්තාවන් හා සම්බන්ධතා පවත්වන බව දැනගත් විට ඇයට එය ඉතාමත් වේදනාවක් ඇති විය.
එක් දිනක් ගඟක් අසලින් තම දරුවන් දෙදෙනා සමඟ මරියා යන විට ඇයගේ ස්වාමියා වෙනත් ධනවත් කාන්තාවක් සමඟ තම අශ්ව කරත්තයෙන් පැමිණියේය. ඔහු තම දරුවන් දෙදෙනා සමඟ කතාබස් කලත් මරියාව මඟහැර ගියේය. එවෙලෙහි ඒ නිසා ආවේගශීලී වූ ඇය තම කෝපය දරුවන් වෙත පෙන්වන්නට වූවාය; ඇය වියරුවෙන් තම දරුවන්ව ගඟට විසිකර දැමුවාය. අසරණ දරුවන් දෙදෙනා ගගේ ගසාගෙන යන විට ඇයට තමා කළ අනුවණ සහ කෲර ක්රියාව සිහි විය. කෑගසමින් සැඩ පහරට ගසාගෙන යන දරුවන් පසුපස බොහෝදුරක් ලුහුබැඳ ගියත් අවසනාවන්ත ලෙස මරියාට තම දරුවන් අහිමි විය.
දරුවන් නොමැතිව හටගත් දැඩි ශෝකය නිසා නොකා නොබී දිනපතා ඇය ගං ඉවුර දිගේ තම දරුවන් සොයමින් සැරිසරා ඇත. ආහාර නොමැති කම නිසා දිනෙන් දින කෘෂ වූ මරියා ඉතා ඉක්මනින්ම ඇවිදින ඇටසැකිල්ලක් බවට පත් වූවාය. ඇය ඇඳ සිටි සුදු ගවුම අපිරිසිදු වී ඉරී ගියේය. වැඩිකලක් නොගොස් දරුවන් නැති වූ සොවින් ගං ඉවුර අසළම මරියා අවසන් හුස්ම හෙලීය.
මිය යන විට දරුවන් අහිමි ශෝකයෙන් මිය ගිය බැවින් ඇයගේ අවිවේකී සහ ශෝක ආත්මය සැන්ටා ෆේ ගංගාව අසළ රාත්රියේදී සැරිසැරීමට පටන් ගත් බව පැවසේ. එසේම තමන්ගේ ස්වාමියා තමාට අවිශ්වාසවන්ත වූ බැවින් ඇයගේ ආත්මය ඉතාමත් කෝපයකින් යුතු පිළිගන්නා සුළු දරුණු ආත්මය වූ බවද පැවසේ.
මේ නිසා තම ස්වාමියා වාගේම බිරිඳට වංචා කරන පිරිමි පුද්ගලයින්ව මෙම ආත්මය විසින් මරා දමන බව විශ්වාස කෙරේ. තවද මෙම ආත්මයට පිරිමි කෙනෙකු මුණගැසුණහොත් ඇයගේ සුන්දර පෙනුමෙන් සහ චාටු කතාවෙන් වශී කරගෙන ඇය සමඟ යහන්ගත වීමට හඬ ගසයි. ඇයගේ පෙළඹවීමට එකඟ වන ඕනෑම කෙනෙකුව වංචා සහගත ලෙස සළකා ඔවුන්ගේ පපුව මැය විසින් විසින් ඉරා දමනවායී පැවසේ.

Comments
Post a Comment