Predator Explained Sinhala
💀 Predator 💀
➕ "අවුරුදු 1000 කලින් මේ දඩයම්කරුවන් (ප්‍රෙඩේටර් වරුන් ) හොයා ගත්තා හරි ලස්සන ජලය පිරුණු නිල් පාට ග්‍රහලෝකයක්..ඔවුන් මනුශ්‍ය වර්ගයාට කියලා දුන්නා ගොඩනැගිලි ඉදිකරන හැටි වගේ සියලු දේවල් ඉගැන්වුවා...ඒ වගේම මනුශ්‍යයන් ඔවුන්ව දෙවියන් මෙන් ඇදහූවා..
➕ සෑම අවුරුදු 100කට සැරයක්ම මේ දෙවිවරුන් නැවත පැමිණියා...පසුව ඔවුන් මොකද කලේ..ඔවුන් අපේක්ෂා කලා බිල්ලක්..මනුශ්‍යන් භාවිතා කලා බිල්ලක් විදිහට....මනුශ්ෂයන් හරහා ඔවුන් සත්වයන් කොට්ටාසයක් ඉපැද්දුවා....ක්‍රිඩාවක් , සංස්කෘතිමය අංගයක් විදිහට දඩයම්කරුවන්ට මේ සත්වයන් සමග ද්වන්ධ සටන් කිරීමට සිදුවුනා..ඔවුන් අති දක්ෂයන් බව ඔප්පු කිරීමට..(ඉහළ නිළතල දැරීමට)
➕නමුත් දඩයම්කරුවන් පරාජයට පත් වුනොත්..ඔවුන් කිසිම දේකට නැවත බේරිලා යන්න දෙන්නෙ නෑ.....ඔවුන් සුලු මොහොතකින් සමස්ථ ශිෂ්ටාචාරයක්ම එක් ක්ෂණයෙන් දුහුවිලි කරලා දැම්මා"
ඔන්න අද විචාරකයා ආවේ අපි හැමෝම දන්න කියන පොඩ්ඩක් භයානක...පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙමෙයි..ගොඩක් භයානක කෙනෙක් ගැන කතා කරන්න😈....ඒ වෙන කවුරුත් නෙමෙයි Yautja හෙවත් Predator....
වර්ගය :- ප්‍රෙඩේටර් / Yautja
උස :- සාමාන්‍ය උස අඩි 7 යි
බර :- සාමාන්‍ය බර 235Kg
වාසස්ථානය :- Yautja Prime
මේ Predator චරිතය නිර්මාණය කරන්නෙ Stan Winston විසින්…
🔔Yajuta Prime කියන්නෙ පෘථිවි වායූගෝලයට සමාන වායූගෝලයක් තියෙන පෘථිවියට වඩා ගොඩක් දියුණු ලෝකයක්....ඒ ලෝකේ එක්ක ගත්තම පෘතුවිය වැටෙන්නෙ නොදියුණු ලෝකයක් යටතට...
🔔ඉතින් මේ ලෝකේ ඉන්නෙ Yautja කියන දඩයම්කිරීම ක්‍රිඩාවක් විදිහට කරන මහ අමුතු දියුණු තාක්ෂනයකින් පරිපූර්ණ දියුණු ජීවීන් කොට්ටාසයක්...
🔔ක්‍රීඩාවක් විදිහටත් Rank ගන්නත් විවිධ ග්‍රහලෝකවල ඉන්න භයානක ජීවීන් දඩයම් කිරීම මෙයාල සිදු කරනවා…..
🔔මෙයාලා පෘතුවිය විතරක් නෙමෙයි...විශ්වයේ තියෙන ගොඩක් ග්‍රහලෝක වලට ගිහින් ඒ ග්‍රහලෝක වල ඉන්න ලොකු අයියලා….අපි චන්ඩි කියමුකො😏..අන්න එයාලව කිසි අනුකම්පාවක් නැතුව මිලේච්ඡ විදිහට මරන එක තමයි මෙයාල කරන්නෙ...අණසක පතුරවන එක….අභියෝගාත්මක ජීවින් මරා දමන එක..
🔔මේ ප්‍රෙඩේටර්ලට තියෙනවා කුසලාන කාමර...මෙයාල තමන්ගේ ප්‍රතිවාදීන්ගේ හිස් කබල් එකතු කරනවා💀..සිහි වටන වගේ...විවිධ ජීවින්ගේ හිස් කබල් මේ ප්‍රෙඩෙටර් වරුන් ගාව තියෙනවා…..හිස් කබල් එකතු කරන එක තමා මෙයාලගෙ විනෝදාංශය වෙන්නෙ….
🌍මෙයාලගෙ ශරීරය ගත්තොත්…
❌මෙයාලගෙ සම උරග සමකට සමාන වෙනවා..
❌නාසයක් නොමැති මිනිසුන්ගෙන් හෞතිකව වෙන්කරගන්න පුලුවන් ශරීරයක්..
❌ප්‍රෙඩේටර්ගෙ කට දෙපැත්තෙ තියෙන අඩු....කුහුඹු වන්ගෙ ආකාරයේ Mandibles....හැගීම් ප්‍රකාශ කිරිමට..කෝපය ප්‍රකාශ කිරිමට භාවිත කරනවා...හිනා වෙන්නත් පාවිච්චි කරනවා..ප්‍රතිවාදියා සපාකෑමටද මේවා පාවිච්චි කරනවා.....සමහර ප්‍රෙඩේටර්ලගෙ කම්මුල් සහ ඇස් වලට උඩින් පොඩි ඉත්තෑකූරූ වගේ ඒවා තියෙනවා..
❌ප්‍රෙඩේටර්ට තියෙන්නෙ Dreadlocks ආකාරයේ හිසකෙස්...මේවා නිසා ප්‍රෙඩේටර්ට ගොඩක් ලස්සන පෙනුමක් ලැබෙනවා...
❌ඒ මොනා උනත් ප්‍රඩේටර්ලගෙ භෞතික පෙනුම මනුස්සයන්ගෙ පෙනුමට හා ජාන වලට සියුම් සමානකමක් දක්වනවා වගේම සෑහෙන්න වෙනස්කමුත් තියෙනව...
❌ඒ වගේම මේ ප්‍රෙඩේටර්ලගෙ සාමාන්‍ය උස අඩි 7 කට වැඩි වෙනවා..හැබැයි අඩි 8 ඊටත් වැඩිය උස අය නම් ඕන තරම් ඉන්නවා...ඒ අස්සෙ ඔය කොට ඩෑල් එහෙමත් ඉන්නවා..සාමාන්‍ය මිනිසුන් වගේ අය...එයාලව නම් ඔය ප්‍රෙඩේටර් සමාජය / ගෝත්‍රය ඇතුලේ පොඩ්ඩක් සමච්චලයට ලක්වෙනවා…
❌මෙයාලගෙ සම කොරපොතු සහිත උරග සමකට ගොඩක් සමානයි...වියළි සහ තෙත් ගැසුණු සමක් ඒක....ඒ වගේම මෙයාලගේ සමේ තියෙනවා කම්බි දැලක් වගේ එකක්...මේක දැකලත් ඇති.....මේකෙ ප්‍රෙඩේටර්ගේ ශරීරයේ උණුසුම්ව තියන්න උපකාරී වෙනවා...
හැබැයි සමහර ප්‍රෙඩේටර්ලට මේ වගේ දැලක් නෑ..
❌ ඒ වගේම මේ ප්‍රෙඩේටර් හෙවත් Yautja ජීවීන් ලිංගික වශයෙන් ගැහැණු සහ පිරිමි විදිහට බෙදිලා තියෙනවා...
❌ඒ කාලෙට ගැහැණු ප්‍රෙඩේටර්ලා විසින් තමන්ගේ පැටවුන් බිහිකරගැනීම සදහා අති දක්ශ පිරිමි ප්‍රෙඩේටර්ලා තෝරා ගන්නවා....ඒ වගේම මේ ගැහැණු ප්‍රෙඩේටර්ලා නිතර නිතර තමන්ගේ මව් ග්‍රහලෝකේ..ඒ කියන්නෙ Yautja Prime එකෙන් එළියට යන්නෙ නෑ...එයාලා වැඩි හරියක් ඉන්නෙ මව් ග්‍රහලෝකයේමයි....පිරිමි පොඩි ප්‍රෙඩේටර් පැටවුන්ව හදුන්වන්නෙ Sucklings කියල...තරුණ ප්‍රෙඩේටර්ල....
❌ගැහැණු ප්‍රෙඩේටර් පැටැව් එහෙමත් ඉපදෙනවා..එයාලට පියයුරු ග්‍රන්ථ එහෙම තියෙනවා......
❌ප්‍රෙඩේටර් කෙනෙක් වයස අවුරුදු 50-60 පමණවන විට ශාරීරික වශයෙන් වැඩිහිටියෙක් වෙනවා කියල තියෙනවා..ඒක වයස අවුරුදු 18-19 මිනිසෙකුගෙ වයසකට සමාන වෙනවා කියල තමයි සදහන් වෙන්නෙ..
❌ප්‍රෙඩේටර් කෙනෙක්ට වසර 100-1000 අතර වසර ගණනක් ජීවත් වෙලා ඉන්න පුලුවන් ලු....ජීවත් වීමේ වැඩිම කාලයක් තියෙන ජීවී කොට්ටාස වලින් එකක් තමයි මේ Yautja හෙවත් ප්‍රෙඩේටර් කියන්නෙ...
වැඩිම කාලයක් ඉන්න පුලුවන් ජීවීන් කොට්ටාසයන් අතර Drukathi වැනි Xenomorph විශේෂත් ඉදිරියෙන් ඉන්නවා..
❌ප්‍රෙඩේටර් කෙනෙක්ට භෞතික හානී වලට ඔරොත්තු දෙන්න පුලුවන්.....ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව තුවාල පිටින් වුවත් දිගු වෙලාවක් සටන් කරන්න පුලුවන්.......මිනිසුන්ට මාරාන්තික විය හැකි විකිරණ කිරණ වලින් බේරිලත් තියෙනවා..
❌ප්‍රෙඩේටර් විවිධ වෛරස් සහ බැක්ටීරීයා වලටද ප්‍රතිරෝධී වෙනවා.....
❌වැඩුණු ප්‍රෙඩේටර් කෙනෙක් අතිශය ශක්තිමත් ජීවියෙක් වෙන අතර එක අත් පහරකින් (Punch) ඝණ කොන්ක්‍රීට් තට්ටුවක් බිද දැමිය හැකි පහරක් එල්ල කරන්න පුලුවන්...
❌පොඩි ආයාසයකින් මනුස්සයෙක්ගේ ශරීරයෙන් පිටතට හිස සහ කොඳු ඇට පේළිය එළියට ඇදලා ගන්න පුලුවන් හැකියාව තියෙනවා.....ක්ශනික මනුස්සයෙක්ගෙ ශරීරය දෙකට වෙන් කරන්න මේ ප්‍රෙඩේටර්ට යන්නෙ සුලු වේලාවක්…
❌ප්‍රෙඩේටර් කියන්නෙ අති දක්ෂ කදු නගින්නෙක්......වැඩි උසක් කිසි මහන්සියක් නැතුව පොඩි වෙලාවකින් නගින්න මේ ප්‍රඩේටර්ට පුලුවන්...
❌ඒ වගේම මෙයාලා හොද පයින්නන්....තමන්ගේ උස මෙන් තුන් හතර ගුණයක දක්වා ඉහළ උසකට එක තැන ඉදලා පනින්න ප්‍රෙඩේටර්ට පුලුවන්...
❌ඒ වගේම තමන්ගේ ශරීර උස මෙන් දස ගුණයක උසකින් වැටුණත්...උඩදි මොන විදිහට වැටුනත් බිමට ලංවෙනකොට පාද පොළවට තියෙන විදිහට වැටිලා පොලොවෙ පය ගහලා හිටගන්න ප්‍රෙඩේටර්ට පුලුවන්...
❌ඒ වගේම ගොදුරක් පසුපස හඹාගෙන යනකොට ඒ ගොදුර පසුපස ගොඩක් දුර දුවගෙන යන්න කැමැත්තක් ප්‍රෙඩේටර්ට නෑ...ඒ වෙනුවට වටේ තියෙන ගොඩනැගිලි , ගස් , වහලවල් උඩින් ගිහින් ගොදුරට පහර දෙන්න ප්‍රෙඩේටර් පට්ට කැමතියි…
❌ඒ වගේම ප්‍රෙඩේටර් උණුසුම් සමක දේශගුණයට ගොඩක් කැමතියි....අධික සීතල සහිත දේශගුණයට වුවද ප්‍රෙඩේටර්ට ඔරොත්තු දෙන්න පුලුවන්…
❌ප්‍රෙඩේටර් ගේ රුධිරය ගත්තොත් ඒවා අපේ වගේ රතු පාට නෑ...දීප්තිමත් කොළ පැහැයක්(Phosphor Green) තමයි ප්‍රෙඩෙටර්ගේ රුධිරයේ තියෙන්නෙ....
❌ඒ වගේම ප්‍රෙඩේටර් ගේ රුධිරය මගින් Xenomorph ලගේ රුධිරයේ ඇති අධික ආම්ලික බව උදාසීන කළ හැකිය....ඒ වගේම මෙම රුධිරයෙන් පුද්ගල ආයූ කාලය දීර්ඝ කර ගැනීමටද හැකි අතර මිනිසුන්ට මේ රුධිරයෙන් ශාරීරකව සැළකිය යුතු වාසීත් තියෙනවා...
❌ප්‍රෙඩේටර් ගේ Vision එක....ඒ කියන්නෙ ප්‍රෙඩේටර්ට වට පිටාව පේන්නෙ මේ මනුස්ස අපිට පේන විදිහට නෙමෙයි නේ....ඒක ඔයාලා හොදට දැකල ඇති නේ ෆිල්ම් ටික බැලුව නම්..
❌විද්‍යුත් චුම්භක වර්ණාවලියේ අධෝරක්ත කිරණ වලින් තමයි මේක වෙන්නෙ....අවට පරිසරයේ තාප උෂ්ණත්වය මාර්ගයෙන් වස්තූන් හදුනා ගැනීමක් මෙතනදි සිද්ධ වෙන්නෙ...
❌ඒ වගේම ප්‍රෙඩේටර් කෙනෙක්ගෙ වෙස්මූණ හෙවත් Mask එක...මේ Mask එකෙන් අඩු අධෝරක්ත කිරණ වල ඉදන් ඉහළ පාරජම්බුල කිරණ දක්ව විවිධ වර්ණාවලිවල දැකීමේ හැකියාව විශාල ලෙස පවතිනවා.....තවද අවට පරිසරයේ පරිසර තත්වය වෙන් වෙන්ව හදුනා ගැනීමටත් දඩයම් කිරීමට සුදානම් වන ගොදුර පිළිබද විස්තර වෙන් කර ගැනීමට මේ Mask එක උපකාරී වෙනවා.........
❌ඒ වගේම තමයි ප්‍රෙඩේටර් මේ මාස්ක් එක අයින් කළාම හුස්ම ගැනීමේ උපකරණයක් භාවිතා කරනවා....හැබැයි හැම වෙලේම මේ හුස්ම ගැනීමේ උපකරණය කට අස්සෙ ගහගෙන ඉන්නෙ නෑ......Mask එක නොමැති අවස්ථාවේදී විටින් විට තමා Use කරන්නෙ..
❌මන් අර උඩ දි කිව්වා වගේ ප්‍රෙඩේටර්ට හැම අවස්ථාවකදිම බලන්න හැකියාවක් නෑ...ඒ නිසා එයාලට විවිධ පරිසරයන් තුළ ක්‍රියා කරන විවිධ දෘෂ්ටි මාන හෙවත් Vision පාවිච්චි කරන්න සිද්ධ වෙනවා...මේ දෘෂ්ටි මාන තියෙන්නෙ එයාලගෙ Mask එකේ…
අපි දැන් මේ ප්‍රෙඩේටර් ගාව තියෙන්නෙ මොන වගේ Vision ද කියල බලමු....
💥Regular Vision
▶️මේක තමයි ප්‍රෙඩේටර් ගේ ඔරිජිනල්ම Vison එක..ප්‍රෙඩේටර් Mask එක ගැලෙව්වම පේන්නෙ මේ Regular Vision එකෙන්....හැම දෙයක්ම පේන්නෙ රතු පාටීන්...අපිට නම් පේන්නෙම නෑ ඒ විදිහට😅..මූ කොහොම බලනවද දන්නෙ නෑ😂😬 මේක අපිට Predator පලමු ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්...
හැබැයි ඊට පස්සෙ ආපු ෆිල්ම් වල නම් අර වගේ රතු පාටින් නැතුව වෙස්මූණ නොමැතිව උනත් ප්‍රෙඩෙටර් හැම දෙයක්ම වෙන වෙනම දකිනවා බලාගන්න පුලුවන්.....ඒ වගේම අපිට කිසිම අවස්ථාවක Mask එකක් පාවිච්චි කිරීමක් නැතුව සියල්ල Thermal Vision එකෙන් බලාගන්න ප්‍රෙඩේටර් කෙනෙක්වත් අපිට බලාගන්න පුලුවන් වුනා....
💥Thermal Vision
▶️ප්‍රෙඩේටර් කෙනෙක් වැඩිපුර පාවිච්චි කරන්නෙ මේ Thermal Vision එක හෙවත් තාප දර්ශනය...මේ Vision එකෙන් ඕනම දුරක තියෙන තාප ප්‍රභවයන් ඉස්මතු කරන්න හැකියාව තියෙනවා.....නිල් , ළා කොල , කහ පැහැයෙන් තමයි මේ Vision එකේදී පේන්නෙ..හැබැයි මේ Vision එකෙන් බේරෙන්නෙ ක්‍රමයක් තියෙනවා😉
මතකද ආර්නෝල්ඩ් සුබසිංහ මහත්තයා ඉන්න Predator පලවෙනි ෆිල්ම් එක...එකේ පෙන්නවා මඩ ඇගේ ගා ගත්තම මේ Vision එකෙන් බේරෙන්නෙ පුලුවන්කම තියෙනවා...
ඒ වගේම ශරීර උෂ්ණත්වය පිටතට නිරාවරණය නොවෙන , ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගන්න හැකි වෙන ඇදුමක් භාවිතා කිරීමෙන්ද මේ Vision එකෙන් බේරෙන්න පුලුවන්.......ඒක අපිට Predator 2 ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන්...
ඒ වගේම ප්‍රෙඩේටර්ට පුලුවන් මේ Vision එකේ ඉන්නකොට අවට පරිසරයේ ඇහෙන ශබ්ද , කටහඩවල් එහෙම රෙකෝඩ් කරගන්න...ඒ වගේම ඒ රෙකෝඩ් ක්ලිප් වටේටම ඇහෙන්න Play කරන්නත් පුලුවන්........ප්‍රෙඩේටර් මේ ක්‍රමය ගොඩක්ම පාවිච්චි කරන්නෙ මනුස්සයෙක්ට ගේම දෙන්න ලෑස්ති වෙනකොට...මේ රෙකෝඩ් කරගත්ත හඩපටි වලින් මනුස්ස ගොදුරක් බොහෝම ලේසියෙන් අන්දන්න පුලුවන්😉 ඒ වගේම මේ හඩපටි කාන්තා / පිරිමි ඕන එකක් ඔට්ටුයි😐😏
💥 Ultraviolet Vision
▶️මේකත් ප්‍රෙඩේටර් කෙනෙක් ගාව තියෙන සුවිශේෂී Vision එකක්...මේක පාරජම්බුල කිරණ වලින් තමයි පේන්නෙ....අර මන් උඩ Thermal Vision එකෙන් බේරෙන්න නම් ශරීර උෂ්ණත්වය පිටතට නිරාවරණය නොවෙන සහ ශරීර උෂ්ණත්වය නියතව පවත්වා ගන්න ඇදුමක් පාවිච්චි කරලා පුලුවන් කියල කිව්වනෙ...හැබැයි මෙන්න මේ Ultraviolet Vision එක පාවිච්චි කරල අරහෙම හැන්ගෙන උන්ව හොයාගන්නවා අපිට Predator 2 ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්...ප්‍රෙඩේටර්ව දඩයම් කරන්න එන කණ්ඩායමක් ප්‍රෙඩේටර් ගේ Thermal Vision එකෙන් හැන්ගෙන්න උෂ්ණත්වය නියතව පවත්ව ගන්න ඇදුම් භාවිතා කරනවා...මෙහෙදි එම කණ්ඩායමේ තිබ්බ UV Lamps වල දිස්නය නිසා එයාලව මේ Vision එකට කෙලින්ම අහුවුනා...
💥 Alien Vision
▶️මේක නම් ප්‍රෙඩේටර් වැඩිපුරම පාවිච්චි කරන්නෙ Xenomorph ජීවින් දඩයම් කිරීමට..මේක කොළ පැහැති හරි ලස්සන Vison එකක්....වට පිටාව කළු පාටින් බලාගන්නත් ජීවීන්ව කොළ පැහයෙන් බලාගන්නත් හැකියාව තියෙනවා....
හැබැයි Predaliens කියන Alien ලව නම් මේ Vision එකේදී පේන්නෙ කොළ පාටින් නෙමෙ..රත්‍තරන් පාටින්😍
Alien කෙනෙක්ට මේ Vision එකට අහුනොවී ඉන්න එක නම් ලේසී නෑ පුතෝ🙏 (Rip තමා)
ඒ වගේම මේ Vision එකේ ඉන්නකොට එලීයන් කෙනෙක්ට ප්‍රහාර එල්ල කරන්න සැරසෙනකොට ඌව රතු ත්‍රිකෝණයකින් පෙන්නවා....පිටතින් නම් ඒ ලේසර් Light එක පේන්නෙ රතුපාට තිත් තුනකින්....ස්වයංක්‍රීයව ඉලක්ක කරනවා...ඉලක්කය චලනය වුවත් ත්‍රිකෝණයත් චලනය වෙනව...ඒ නිසා එහෙට මෙහෙට චලනය වුනත් ප්‍රහාරයෙන් බේරෙන එක ගොඩක් අමාරුයි...
💥 X - Ray Vision
▶️ මේ Vision එකෙන් ජීවින්ගේ ශරීර අභ්‍යන්තරය දකින්න පුලුවන්....ශරීරය තුල සිටින Chestbursters ජීවියෙක් වුවද මේ Vision එකට අහුවෙනවා...
ඒ වගේම මිනිස් ශරීරය තුළ තියෙන පිළිකා සෛල පවා මේ Vision එකේදී බලාගන්න පුලුවන්...😐
💥Tracker Vision
▶️ මෙන්න මේ Vision එක නම් ගොඩක් විශේෂ එකක්..මොකද ප්‍රෙඩේටරයා මේකෙන් අදාල පුද්ගලයගෙ හෝ ජීවියගේ ෆෙරමෝන හදුනාගෙන ඒ ඔස්සෙ ගිහින් දඩයම් කරනවා...
ෆෙරමෝන කියන්නෙ සම ජීවින් ආකර්ෂණය කරගැනීමට සහ සංනිවේදනය කර ගැනීමට ජීවින් පිටකරන රසායනික ද්‍යව්‍යයක්...
ඉතින් මේ Tracker Vision එකෙන් ජීවියෙක්ගේ ෆෙරමෝන අනුව ඔහුව හඹාගෙන් යන්න ප්‍රෙඩේටර්ට පුලුවන් වෙනවා..
💥Sound Vibration Detection Vision
▶️ මේ Vision එකෙන් ශබ්ද තරංග ආධාරයෙන් ගොදුර සොයාගන්න ප්‍රෙඩේටර්ට හැකිවෙනවා...
💥Tech Vision
▶️මේ Vision එකේදී ප්‍රෙඩේටර් පේන්නෙ සුදු පාටට...
💥Upgrade Vision
▶️මේක වැඩි දියුණු කරපු අලුත්ම Vision එකක්....Mask එකක් අවශ්‍ය වෙන්නෙ නෑ මේ Vision එකට.....ප්‍රෙඩේටර්ගේ ඇස් කාච (Lense) වලින් තමා මේ අලුත් ක්‍රමයෙන් බලන්නෙ..වෙනමම Mask එකක් අවශ්‍ය වෙන්නෙ නෑ...Thermal Vision එකේ ඉද්දි පේන විදිහට මේකෙදිත් පේන්නෙ....වැඩි දියුණු කළ කාච වලින් තමයි මේක වෙන්නෙ❣️
ඒ උනාට Mask එකක් තියෙනකොට තමා ගැම්ම😼
❌ඒ වගේම ප්‍රෙඩේටර් කෙනෙක් මිය ගියාම...ඒ මිය ගිය ප්‍රෙඩේටර් ගේ Mask එක දාගත්තම එයා මිය ගියේ ඇයි , කවුද එයාට පහර දුන්නෙ , එයා කාටද පහර දුන්නෙ වගේ සේරම තොරතුරු බලාගන්න පුලුවන්…
❌මිය යන්න කලින් සිදුවෙච්ච දේවල් වීඩියෝවක් විදිහට බලාගන්න පුලුවන්...ප්‍රෙඩේටර් දකින සේරම දේවල් Mask එකෙ තියෙන Technology එකෙන් Record කරගන්න පුලුවන්…
🔔ප්‍රෙඩේටර් ගේ ආහාර🔔
❌මස් තමා..අමුම අමු මස්😅....Predator 2 Film එකේ කියනවා ප්‍රෙඩේටර් දවස් දෙකකට වරක් නගරයේ ඝාතකාගාරයට ගිහින් ඒකෙ ගබඩා කරපු මස් ආහාරයට ගන්නවා කියලා....තව මේ Predator Film වලින්ම බලාගන්න පුලුවන් වෙනවා ප්‍රෙඩේටර් මනුස්සයෙක් දඩයම් කලාම ඒ මනුස්සයගෙ මතුපිට සම සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා...හම ගහනවා...ඒ හමගහපු මිනිස්සුන්ගෙ පපු ප්‍රදේශයේ හදවත හරියේ සිදුරක් බලාගන්න පුලුවන් වෙනවා...
මෙයාලගෙ කෑම මේවා කියල එහෙම පැහැදිලිව දකින්න ලැබෙන්නෙ නෑ....සර්ව භක්ෂක වෙන්නත් පුලුවන්…
❌මේ ප්‍රෙඩේටර්ගෙ ආයු කාලය මනුස්සයෙක්ට වඩා ගොඩක් වැඩියි...වැඩිහිටි ප්‍රෙඩේටර් වරුන් වසර සිය ගණනක් හෝ දහස් ගණනක් ජීවත් විය හැකිය..
Kalakta කියන ප්‍රෙඩේටර්වරුන් වසර දහස් ගණනක් ජීවත් වෙලා තියෙනවා..
🔔සංනිවේදනය🔔
❌හැම සත්ව කොට්ටාසයකම වගේ මේ ප්‍රෙඩේටර්ලා අතරත් එයාලටම අනන්‍යවූ භාශාවක් තියෙනවා.....
මෙයාලටත් කතා කරන්න ලියන්න එහෙම පුලුවන්😁
ඒ වගේම කෑගැසීමෙන් , ගෙරවීම මෙයාලගේ භාශාව සමන්විත වෙනවා.....මෙයාලගෙ ලිඛිත භාෂාව නම් ඉරි වලින් සමන්විත වෙනවා.....
❌ඒ වගේම මෙයාල මනුස්සයන්ගේ හඩ අනුකරණය කරනවා..ඒ කරන්නෙ ඒ හඩ රෙකෝඩ් කරලා.....ගොදුර සමග කතා බහ කරන්න.... අන්න ඒ රෙකෝඩ් ක්ලිප් ප්‍රෙඩේටර්ට ගොඩක් උදව් වෙනවා....වැඩි කාලයක් මිනිස්සු අතර සැගවී ජීවත් වෙච්ච ප්‍රෙඩේටර්ලට සමහර අවස්ථා වලදි පෘතුවි භාෂාව හැසිරවීමට හැකියාව තියෙනවා...
❌නමුත් ප්‍රෙඩේටර් සහ මිනිස්සු සංඥා භාෂාවෙන් සංනිවේදන සිදු කරලත් තියෙනවා...
🔔ආයුධ🔔
💥 Wristblades ( Short Blade)
▶️මේක ප්‍රෙඩෙටර් ගේ අතෙන් එන කැටයම් කපපු අලංකාර දිගු තල දෙකක්..ප්‍රතිවාදියාට මාරාන්තික ප්‍රහාර එල්ල කරන්න පුලුවන්...මේකේ තලේ පැත්ත උඩ සහ යට පැත්තට අවශ්‍යතාව අනුව හරවගන්න පුලුවන්...ඒක නම් පට්ට ප්‍රයෝජනවත්...
💥Ceremonial Dagger
▶️මේක ලස්සන කැටයම් කපාපු පිහියක් වගේ එකක්......ගොඩක්ම තියෙන්නෙ මේක Young Bload & Bloods ප්‍රෙඩේටර්ලා ගාව...සතුරන්ගෙන් ලබාගන්න සිහිවටන...ඒ කියන්නෙ සතුරාගේ හිස් කබල ගලවගන්න පාවිච්චි කරන අවස්ථාත් තියෙනවා.....
අර උඩ කිව්ව Wristblades එකට හානි වුනොත් මේ පිහිය පාවිච්චි කරන අවස්ථාව වැඩියි.....ප්‍රෙඩේටර්ට මේක දිගු පිහියක් උනාට..මනුස්සයෙක් මේක අතට ගත්තොත් කඩුවක් වගේ තමා😅🤟
💥Predator AXE
▶️මේක පොරවක්...😍 දඩයම් කරන්න නම් මේක වැඩිය පාවිච්චි කරන්නෙ නෑ..
💥Scimitar (Long Blade)
▶️ මේක අර උඩ කිව්ව Wristblades එකේ දිග තලය තියෙන එක😁 AvP Movie එකේ බලාගන්න හැකියාව තියෙනවා...
💥 Maul
▶️ලම්බක මිටකින් සමන්විත අතේ යටි පැත්තට සවි කර ගන්න දිගු තලයක් සහිත ආයූධයක්...
💥Sword
▶️දඩයම් කිරීමේදි කලාතුරකින් පාවිච්චි කරන ආයුධයක්..
💥Combistick
▶️හෙල්ලක්😁...මේක හෙල්ලක් කිව්වට පොඩි යකඩ මිටක් තියෙන පොඩි එකක්...පොඩි කිව්වට පොඩිමත් නෑ..මේක මැදින් දෙපැත්තට දික් වෙනවා...ඒ වගේ දෙකෙළවර කුඩා කැපුම් තල තියෙනවා...පාවිච්චි නොකරන අවස්ථාවේදී මේක අකුලලා පිටේ ගහන් තමා ප්‍රෙඩේටරයා ඉන්නෙ...ගොඩක් භයානක ආයුධයක්.....අතිශය භයානකයි.🛑
💥Whip
▶️මේක කසයක්...වටේටම තියුණු තල තියෙන දිග කසයක්.....ගොදුර වෙන් වෙන්න දෙකඩ කරන්න පුලුවන්... AvP 2 ෆිල්ම් එකේ බලාගන්න පුලුවන්..
💥 Noose
▶️මේක නිකන් තුනී කඹයක් වගේ එකක්..තියුණු කැපුම් වලින් සමන්විත එකක්..කඹයක් කිව්වට හීනී කම්බියක් කිව්වත් අවුලක් නෑ...අන්ධකාර පවතින අවස්ථා වලදි මේක පේන්නෙම නෑ..එතරම්ම මේක තුනී..ඒ වගේම ගොඩක් ශක්තිමත්...ප්‍රෙඩේටර් මිනිස්සු මරලා හමගහලා උස් තැන්වල එල්ලන්නත් මේ තුනී කඹේ පාවිච්චි කරනවා....ඒ වගේම ගොදුර ක්ෂණික පැහරගන්නත් මේකෙන් පුලුවන්....
කණ්ඩායමක් දඩයම් කරද්දි අන්තිමටම එන කෙනාට මේ කඹෙන් තොණ්ඩුවක් හදලා බෙල්ලට දාලා ඉහළට අදිනවා ඉදිරියෙන් යන අයට නොදැනෙන්ම😈
බෙල්ලට තොණ්ඩුව වැටෙනකන් ගොදුර මේක දකින්නෙ නෑ...
💥Smart Disc
▶️මේක නකල් එකකට සමානයි...අතේ ඇගිලි වලින් මේ ආයුධය අල්ලගන්නෙ...ඊට පස්සෙ ප්‍රතිවාදියා දෙසට කවපෙත්ත වගේ විසිකරනවා.....ප්‍රතිවාදියා දෙකඩ වෙනවා😋 හදිසියකදි ක්ශනික අතට ගන්න පුලුවන් වෙන්න මේක ප්‍රෙඩේටර් එයාගෙ ඉදිරිපස කලවා ප්‍රදේශයේ තමයි සෙට් කරගෙන ඉන්නෙ....
💥Shuriken
▶️මේක අර උඩ කිව්ව Smart Disc එකේ වැඩි දියුණු කිරීමක්....ප්‍රෙඩේටර් මේකෙ ඉනේ ගහගෙන තමා ඉන්නෙ...ඇකිලිය හැකි, දිග හැරිය හැකි දිගු තල තියෙනවා...කවපෙත්ත වගේ විසිකරන්න පුලුවන් .......ඒ වගේම මේක විසිකරාට පස්සෙ බූමරංගයක් වගේ ආයී අතටම එනවා😁ඒ අතට එනකොට ඒක අල්ලන්න ඕන ක්‍රමයක් තියෙනවා....නැත්තන් ඇගිලිවලට බඩුම තමා😂.....
ප්‍රෙඩේටර් ටෙක්නික්😁😉
මේක විසික් කලාම ගිහින් කොහේ හරි පෘෂ්ඨයක වැදුනොත් ඒ එක්කම දිශාව වෙනස් වෙලා වෙනම පැත්තකට ගමන් කරනවා පෘෂ්ඨ වල වැදි වැදිම...මේ නිසා ප්‍රතිවාදීන් කිහිපයක් එකවර ඝාතනය කරන්න පුලුවන් වෙනවා....අවසානයේ මේක අතටම එනවා.....
මේ Wepon එක හරියට අධ්‍යනය නොකර පාවිච්චි කලාම වෙන දේ අපිට Predator 2018 Movie එකෙන් බලාගන්න පුලුවන් වුනා.....(අවයව Lept)
සුපිරිම වෙපන් එකක් මේක නම්..වැදුනොත් සුනේ සුන්🙏 AVP එකේ හොදට මේක බලාගන්න පුලුවන්....
අතිශය භයානකයි🛑
💥Speargun
▶️මේක නිකන් අතේ සවි කරපු තුවක්කුවක් වගේ එකක්....හරියට හරස් දුන්නක් වගේ එකක්...කුඩා ලෝහ වලින් නිර්මාණය කරපු හෙලි වලින් තමයි පහර දෙන්නෙ..
💥Net Gun
▶️මේක නම් ප්‍රෙඩේටරයා ගාව තියෙන ප්‍රධානම ආයුධයක්....මේක දැලක්..මේ දැල විදින්න ශූටර් එකක් ප්‍රෙඩේටර් ගාව තියෙනවා...
පරණ ෆිල්ම් වල නම් නිකන් හක්ගෙඩියක් වගේ පෙනුමක් ගන්න ශූටර් එකක් තමා තියෙන්නෙ....
හැබැයි පස්සෙ ආපුවයේ නම් මේ ශූටර් එක ප්‍රෙඩේටර් ගේ අතටම සවිකරපු කුඩා ප්‍රමාණයේ එකක්.
මේ දැල ප්‍රතිවාදියා සමග බිත්තියක සවි වෙනවා..පස්සේ මේ දැල ප්‍රතිවාදියාගේ සම , මස් , ඇට කටු කපාගෙන සිරුරට තද වෙනවා...ප්‍රතිවාදියාට බරපතල තුවාල කරන්න පුලුවන් ආයුධයක්...ඒ වගේම මේක ලෝහ දැලක්...ප්‍රෙඩේටර් ගාව තියෙන හැම ආයුධයක්ම නිර්මාණය කරලා තියෙන්නෙ පෘථිවියෙ නැති ලෝහ වලින්....මේ දැලත් එහෙමයි....ඒ නිසා මේක කපන්න පෘථිවියෙ ලෝහ වලින් නිර්මාණය කරපු ආයුධයකින් බෑ.......ප්‍රෙඩේටර්ගෙම ආයුධයක් වෙන්න ඕනේ...
AvP 1 ෆිල්ම් එකේ මේක බලාගන්න පුලුවන්..
අතිශය භයානකයි🛑
💥Energy Flechette
▶️කෙටි දුර බලශක්ති ආයූධයක්..මේක මාර්ගයෙන් ප්‍රෙඩේටර් අතේ මැණික් කටුවට ඉහළින් ප්ලාස්මා ප්‍රහාරයක් එල්ල කරනවා..
💥 Plasma Caster
▶️මේක තමයි ප්‍රෙඩේටර් ගේ ප්‍රධානම ආයුධය...ප්ලාස්ම ප්‍රහාරයක් එල්ල කරන්න පුලුවන්..ප්‍රෙඩේටර් ගේ උරහිසේ තමයි මෙක සවි කරලා තියෙන්නෙ...ප්‍රෙඩේටර් ගේ Mask එකෙන් ප්‍රතිවාදියාව ඉලක්ක ගත කරන්නෙ රතු පාට තිත් තුනකින් නිර්මාණය වුන ත්‍රිකෝණාකාර ලේසර් ලයිට් එකකින්...
මේක නිකන්ම උරහිසට සවි කරන්නෙ නෑ....Shoulder Guard එකට තමයි Plasma Caster එක සවි කර්න්නෙ...
වම් උරහිසේ or දකුණු උරහිසේ මේක සවි කරගන්න පුලුවන්...අවශ්‍යනම් උරහිස් දෙකේම Plasma Caster 2ක් සවිකර ගන්න පුලුවන්😎
අතිශය භයානකයි🛑
💥Plasma Pistol
▶️අර උඩ කිව්ව Plasma Caster එක උරහිසෙන් ගලවලා අතට අරන් තුවක්කුවක් විදිහට ප්‍රෙඩේටර් පාවිච්චි කරන අවස්තා තියෙනව...අන්න ඒක තමා මේක😉
ඒ වගේම මේ ආයුධ අදෘශ්‍යමාන කරන්නත් පුලුවන්....
💥Self - Destruct Device
▶️මේක තමා ප්‍රෙඩේටර් කරන්නම දෙයක් නැති උනාම අන්තිම උපක්‍රමය විදිහට පාවිච්චි කරන දෙය...ඔයාල දැකලා තියෙනවනෙ ප්‍රෙඩේටර් ගේ අතේ තියෙන Clocking Device එක....සමහර අයගෙ වම් අතේ..සමහර අයගේ දකුණු අතේ තමයි මේක තියෙන්නෙ....ප්‍රෙඩේටර් අදෘශ්‍යමාන වෙන එකේ ඉදන් ගොඩක් දේවල් Active කරන්නෙ මේ Clocking Device එකෙන්.....ඉතින් මේ Clocking Device එකේ තියෙන බෝම්බය..මේක න්‍යෂ්ටික බොම්බයක් වගේ එකක්...මේ බෝම්බෙන් පුලුවන් විශාල ප්‍රදේශයක් දූවීලී කරල දාන්න...මේක තමයි ප්‍රෙඩේටර් කෙනෙක්ගේ අන්තිම උපක්‍රමය විදිහට හදුන්වන්නෙ...
ප්‍රෙඩේටර් ගේ තවත් විශේෂ ලක්ෂනයක් තමයි මෙයාලට පුලුවන් ඔය වටේ පිටේ තියෙන දේවල් එකතු කරලා පොඩි වෙලාවක් ඇතුලත හොද ආයූධයක් නිර්මාණය කරන්න...
ඔය අධිතාක්ෂණික ආයූධයක් නෙමෙයි...අවස්ථාවට ගැලපෙන විදිහට එකක් නිර්මාණය කරන්න පුලුවන්.....ඒ වගේම විවිධාකාරයේ උගුල් නිර්මාණය කරන්න මෙයාල අති දක්ෂයෝ....
🔶 Clocking Device
❌මේක තමයි අර ප්‍රෙඩේටර් ගෙ අතේ තියෙන ගැජට් එක...ප්‍රෙඩේටර් ගේ සමහර ආයුධ Active කරන්නෙ මේකෙන්...ඒ වගේම මේ Clocking Device එකෙන් කරන තවත් විශේෂ දෙයක් තමයි ප්‍රෙඩේටර්ව අදෘශ්‍යමාන කරන එක….
❌නමුත් මේ අදෘශ්‍යමාන වෙන කතන්දරේ මනුස්සයන්ට අදාල උනාට Xenomorph ජීවින්ට අදාල වෙන්නෙ නෑ….මේ invisible එක Active කලත් එයාලට මේක අදාල වෙන්නෙ නෑ😒
❌ප්‍රෙඩේටර් ව විතරක් නෙමෙයි එයාලගෙ මව් යානය Clocking Device එක හරහා අදෘශ්‍යමාන මාන කරන්න පුලුවන්…..ප්‍රෙඩේටර් කෙනෙක් අනිවාර්යෙන්ම පාවිච්චි කරන තාක්ෂණයක් වෙන මේ අදෘශ්‍යමාන ටෙක් එක ජලයේ ක්‍රියාත්මක කරන්න බෑ….ඒක එක්තරා අවාසියක්..
❌ඒ වගේම මරණාසන්නව ඉන්න ප්‍රෙඩේටර් කෙනෙක් මිය යන්න කලින් ක්ශනික Clocking Device එකෙන් පණිවිඩයක් / යම් මැසේජ් එකක් යවනවා එයාගේ මව් ග්‍රහලෝකේ වෙන Yautja Prime එකට…
❌අන්න ඒ මැසේජ් එක ලැබුනට පස්සෙ වෙන ආයූධ සන්නද්ධ ප්‍රෙඩේටර් කෙනෙක් යනවා ඒ මැරුණ ප්‍රෙඩේටර් හොයාගෙන...ගිහින් මරණෙට හේතූව අනන් මනන් විස්තර හොයනවා.....මොකද මිශන් එකක ඉන්න ප්‍රෙඩේටර් කෙනෙක් ලේසියෙන් මැරෙන්නෙවත් මරන්නවත් ලේසී නෑ......ලොකු ප්‍රතිවාදියෙක් ඒ ප්‍රෙඩේටර්ට ඉදලා තියෙනවා…
❌ඉතින් අර මව් ග්‍රහලෝකේන් ආව ප්‍රෙඩේටර් ඔය විස්තර හොයාගෙන මිය ගිය ප්‍රෙඩෙටර් ගාව ආයුධ එහෙම තියෙනවා නම් ඒවත් අරගෙන අවසන් නොකල මෙහෙයුම අවසන් කරන්න ඒ ප්‍රෙඩේටර් පිටත් වෙනවා.....
❌ඒ වගේම මිය ගිය ප්‍රෙඩේටර් ගේ Clocking Device එකෙ තියෙන Self Destruct එකත් Active කරනවා..ඒකට ප්‍රධානම හේතූව එයාලගේ තාක්ෂණය වෙන අය අතට යන එක නවත්තන්න...
🔔Flaying ( Skinning)🔔
💥ප්‍රෙඩේටර් මිනිස්සු මරලා හමගහලා එල්ලන එක තමයි මේකෙන් කියන්නෙ....ගොදුර මැරෙන්න කලින් හරි....මරලා ඉවර උනාට පස්සෙ හරි තමයි මේ වැඩේ කරන්නෙ 😐 ඒ වගේම ඒ හමගහපු සිරුරේ කොටස් එම ස්ථානයේම දාල යන්නෙත් අනෙක් ප්‍රතිවාදීන් බිය ගන්වන්නට...
❌ඒ වගේම මේ ප්‍රෙඩේටර් තමන්ගේ ප්‍රතිවාදියාට හෝ ගොදුරට පරාජය වෙනවා කියන එක සලකන්නෙ තමන්ට අපහාසයක් , ලැජ්ජාවක් විදිහට....මේ හේතූව නිසා සමහර ප්‍රෙඩේටර් වරුන් ප්‍රතිවාදියාට පරාජය වෙන එකට වඩා මිය යන එක සැපයි කියලා සියදිවි නසා ගන්න අවස්ථාවලුත් තියෙනවා..
🔔නිලතල (Ranks)🔔
❌මේ ප්‍රෙඩේටර් Yautja සමාජය පවතින්නෙ ශ්‍රේණීගත කිරීම් විදිහට...ගොදුරක් දඩයම් කරන දක්ෂතාවය සහ දඩයම් කරන ගොදුරේ ස්වභාවය සහ තමන් ලබා ගෙන තියෙන අත්දැකීම්...ඔය වගේ දේවල් පදනම්ව තමා මේක ක්‍රියාත්මක වෙන්නෙ.....
ඉතින් දැන් අපි බලමු ප්‍රෙඩේටර් සමාජයේ ඉන්නෙ මොනවගේ ප්‍රෙඩේටර්ලද කියලා😁
❌Un - Blooded
මෙයාල තමයි Basic Training එක සම්පූර්ණ කරපු නැති සූටී ප්‍රෙඩේටර්ලා...අත්දැකීම් නැති හුජ්ජා කොල්ලෝ😂🥺
මෙයාලා ගොඩක් නොසන්සුන් , ප්‍රචණ්ඩ අය..
මෙයාලට ඉහළ Rank වල ඉන්න ප්‍රෙඩේටර්ලට ලැබෙන වරප්‍රසාද ලැබෙන්නෙ නෑ..මොකද ඒවා ගන්න නම් මෙයාල Colors පෙන්නන්න ඕනේ😎😏
හැම ආයුධයක්ම පාවිච්චි කරන්න අවසරත් නෑ..නිශ්චිත ආයූධ List එකක් තියෙනවා...ඒ වගේම මෙයාලට මරණීය අභියෝග කරන්නත් බෑ...
මේ Un - Blooded ප්‍රෙඩේටර්ලව නායක ප්‍රෙඩේටර් කෙනෙක්ගේ යටතෙ කණ්ඩායම් විදිහට පුහුණුව ලබා දෙනවා...
මුල්ම වතාවේ ආයුධ ලබා දෙන්නෙ නෑ...අතින් සටන් කරන හැටි තමා උගන්වන්නෙ...දෙවනුව තල තියෙන ආයූධ වලින් පුහුණුව දෙනවා...වැඩිහිටි පළපුරුදු ප්‍රෙඩේටර් ලා තමා Training එක දෙන්නෙ😉
ප්‍රෙඩේටර් ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යන් ගැන සෑහීමකට පත් වෙනකම්ම පුහුණුව කරගෙන යන්න ඕනේ.....තවත් දෙයක්...මේ Training එක නම් එච්චර ලේසී පහසු දෙයක් නෙමෙ....Training එකට යන හැම ප්‍රෙඩේටර් කෙනෙක්ම අවසානයේදී පණපිටින් එළියට එන්නෙත් නෑ...කිහිප දෙනෙක්ගේ ජීවිත හානීත් වෙනවා.....
❌Young Blood
මේ Rank එකේ ඉන්නෙ දෙයියනෙ කියලා තමන්ගේ Basic Training එක සම්පූර්ණ කරපු නව යොවුන් වියේ ඉන්න ප්‍රෙඩේටර් ලා...
මෙයාලව අපිට සමාන කරන්න පුලුවන් පුහුණු වෙච්ච සාමාන්‍ය මිනිස් සොල්දාදුවන්ට😀
ඉතින් මෙයාල මේ Rank එකෙන් උඩට යන්න නම් Xenomorph කියන ජීවියො මරන්න ඕනේ...Xenomorph ජීවියො දන්නවා නේද...Alien Movie එකේ තව Avp එකේ ඉන්න කළු ඔලුව දිග ජීවීන් තමා මෙයාල..ෆිල්ම් ටික බලපු අය දන්නවනෙ මුන් කොච්චර හිසරදයක්ද කියලා😐🤟
බොහෝවිට තුන්දෙනෙක් - පස්දෙනෙක් වගේ කණ්ඩායම් වලින් තමා මේ Xeno සටන් වලට යවන්නෙ....
ඔන්න මේ Young Bload ප්‍රෙඩේටර් Xenomorph කෙනෙක්ව මැරුවට පස්සේ චාරිත්‍රානුකූලව තමන් සහ තමන්ගේ Mask එකේ මේ Xeno ජීවියගෙ රුධිරයෙන් Mark එකක් / සලකුණක් දාගන්නවා..Xeno ජීවියන්ගේ රුධිරය ගොඩක් අම්ලයි..ඇසිඩ් වගේ තමා...ඒ Mark එකෙන් තමන් Young Blood Rank එකෙන් Blooded Rank එකට ගියා කියලා සංකේතවත් කරනවා...ඒ වගේම දැන් ඉදන් Plasma Caster කියන අර උරහිසේ තියෙන ප්ලාස්මා Gun එකත් පාවිච්චි කරන්න..ඒක තමන්ගේ පෞද්ගලික ආයූධ List එකට එකතු කරගන්න ප්‍රෙඩේටර්ට අවසර ලැබෙනවා...
❌Blooded
Xeno කෙනෙක්ව මරලා එවුන්ගේ ඇසිඩ් රුධිරයෙන් තමන්ගේ Mask එකේ සලකුණු කරගන්න අය අයිති වෙන්නෙ මේ Blooded කියන Rank එකට..
හැබැයි සමහර ප්‍රෙඩේටර් වරුන් ඉන්නවා එයාලා Un - Blooded ඉදන් කෙලින්ම Blooded Rank එකට පනිනවා..ඒක වෙන්නෙ දඩයම් කරන Xenomorph ජීවී විශේෂ අනුව...Warriors කියලත් කියනවා...මේ Warriors ලා Tracker , Berserker , Falconer කියල තවත් බෙදෙනවා….මෙයාලව අපිට 2010 Predator එකේ බලාගන්න පුලුවන් වෙනවා...
Warriors :- මුහුණට මුහුණ සටන් කරන ප්‍රෙඩේටර්වරුන්
Hunters :- උපක්‍රම භාවිතා කරලා ගරිල්ලා වැනි ක්‍රම වලින් සටන් කරන ප්‍රෙඩේටර් වරුන්….
❌ Elite
තමන්ගේ මූලික පුහුණුව සම්පූර්ණයෙන්ම ඉවර කරපු , Xenomorph , River Ghost සහ මිනිස්සු වගේ භයානක ජීවීන් මරලා තියෙන ප්‍රෙඩේටර් කෙනෙක් මේ Elite කියන නිලයට උසස්වීමක් ලැබෙනවා...
මේ ප්‍රෙඩේටර් ලා භයානකයි....එකපාර Xenomorph ජීවීන් රංචුවක්ම තනියෙම ඉවර කරල දාන්න මේ Rank එකේ අයට පුලුවන්....සුපිරි වැඩ්ඩො😎😍
❌ Leader
මෙයාලා කණ්ඩායමකට නායකත්වය දීමට , තව නොපුහුණු අය පුහුණු කරන ප්‍රෙඩේටර් වරුන්...
❌Elder
මේ Rank එකේ ඉන්නෙ ගොඩක් අත්දැකීම් ලබාගෙන ඉන්න පරිපූර්ණම ප්‍රෙඩේටර්ලා..මෙයාල වැඩිහිටි ප්‍රෙඩේටර් ලා...යුධ වීරයෝ..
❌Ancients
ගොඩක් පරණ ප්‍රෙඩේටර්ලා....ප්‍රෙඩේටර් සමාජයේ ඉන්න පැරණිතම ප්‍රෙඩේටර් වරුන්...විශ්‍රාම සුවයෙන් ඉන්න ප්‍රෙඩේටර්ලා ....මෙයාල තමයි ඔය නීතී රීතී එහෙම නිර්මාණය කරන්නෙ...මේ වර්ගේ ප්‍රෙඩේටර්ලා වැඩිය Mask එහෙම පලදින්නෙ නෑ….
ඒ වගේම තවත් වර්ගයක් ඉන්නවා...මුන්ට කියන්නෙ Bad - Blood කියලා....අමුම පිස්සො😂 මෙයාල ඔය ප්‍රෙඩේටර්ලා අතර තියෙන නීතී රීතී තඹ සතේකට මායීම් කරන්නෙ නැති කොට්ටාසයක්....මානසික විකෘති වලින් පෙළෙන අය කියලත් සදහන් වෙනවා.....මානසික ලෙඩ්ඩු.....මෙයාලා දරුණුයි...අතිශය දරුණුයි....තමන් එක්ක එකට ඉන්න තමන්ගෙ සගයව පවා ඝාතනය කිරීමට දෙවරක් නොහිතන කෙනෙක්......කරන්න තියෙන හැම ජරා වැඩක්ම කරන්න පෙළඹෙන එකෙක්....සතුරන් සමග එක් වෙලා තමන්ගේ වර්ගයාව මරන්න පවා පෙළඹෙන එකෙක්...
මිලෙච්ච කියන එකේ උපරීමේම ඉන්න එවුන්😂
මේ type එකේ ප්‍රෙඩේටර් ලා තමන්ට හිතෙන හිතෙන එකා මරනවා..
මේ වගේ Bad Blood ලා ප්‍රෙඩේටර් සමාජයට සාපයක්...ඒ නිසා ප්‍රෙඩේටර් සමාජය විසින් මේ වගේ අයව පිටුවහල් කරනවා...
මෙවුන් මොන පිස්සො උනත් සටන් වලට නම් අති දක්ෂයෝ...
ඉතින් මේ Bad Blood කියන ප්‍රෙඩේටර්ලා ගැන කතා කරනකොට කතා නොකරම බැරි Rank එකක් තියෙන ප්‍රෙඩේටර්ලා වර්ගයක් ඉන්නවා...එයාලට කියන්නෙ Enforcers ලා කියලා
මෙයාලා ගොඩක් විශේෂයි...ඒ මොකද කිව්වොත් මෙයාලගෙ ප්‍රධාන රාජකාරිය වෙන්නෙ Yautja / ප්‍රෙඩේටර් සමාජය අපකීර්තියට පත් කරන Bad Blood වගේ ප්‍රෙඩේටර්වරුන්ව ඝාතනය කරන එක☝
ප්‍රෙඩේටර් සමජයේ ඉන්න පොලිසිය විදිහට මේ Enforcers ප්‍රෙඩේටර්ලව හදුන්වන්න පුලුවන්😁
💥මේ ප්‍රෙඩේටර් මිනිස්සු එක්ක දිගු සම්බන්ධතාවක් පවත්වල තියෙනවා...මිනිස්සු ප්‍රෙඩේටර්ව දෙවියන් විදිහට අදහලත් තියෙනවා....මිනිස්සුන්ට පිරමීඩ නිර්මාණය කරන්න උගන්වන්නෙ ප්‍රෙඩේටර්ලා....
💥පිරමීඩ හදනවා...ඊට පස්සෙ ඒක ඇතුලේ Xenomorph Queen කෙනෙක්ව දම්වැල් එහෙම දාලා හිර කරනවා…ඒ රැජිණ බිත්තර දාන කාලෙට ප්‍රෙඩේටර්ලා එනවා...
ඒ වගේම මේ පිරමීඩ පසු කාලයේදී ප්‍රෙඩේටර් යොදාගත්තේ දඩයම් භූමියක් විදිහට😉
හැමදාම අවුරුදු 100කට වතාවක් පෘථිවියෙ මේ දඩයම් චාරිත්‍රය පවත්වනවා....
🔔ඔතන තියෙන්නෙ වෙනම කතාවක්🔔
💥මන් මුලින්ම කිව්වා මේ ප්‍රෙඩේටර්ලගේ ලෝකේ..ඒ කියන්නෙ Yautja Prime එකත් එක්ක ගත්තම අපේ පෘතුවිය වැටෙන්නෙ නොදියුණු ලෝකයක් යටතට😅 ඒ තරම් ප්‍රෙඩේටරයගේ ලෝකේ පට්ටම දියුණුයි....
💥ඔන්න ඉතින් ප්‍රෙඩේටර්ලා එනවා පෘථිවියට..ඒ ඇවිල්ලා නිකන් ඉන්නෙ නෑ...තමන්ගේ දැනුම මිනිස්සු එක්ක බෙදාගන්නවා....ඔය ගොඩනැගිලි ඉදිකිරීම් වගේ දැනුම එහෙම කියල දෙනවා.....
💥අපි උඩදි කතා කලානේ ප්‍රෙඩේටර් Rank ගැන.....ඉතින් මේ ප්‍රෙඩේටර් Rank ගන්න වැඩේදී Xenomorph කියන ජීවින්ව මරන එක ගොඩක් විශේෂ දෙයක්.....මේ Xeno ජීවියෙක්ව මරනවා කියන්නෙ ප්‍රෙඩේටර් සමාජයේ පට්ටම ගෞරවයක් ගන්න පුලුවන් වැඩක්.....ඉතින් ප්‍රෙඩේටර්ලා ඔය Rank එකෙන් ඉහලට යන්න Xeno කෙනෙක් මරන්නම ඕනේ.....අර මිනිස්සු එක්ක එකතුවෙලා හදපු පිරමීඩ පස්සෙ කාලෙදි ප්‍රෙඩේටර් දඩයම් කලාපයක් විදිහට පාවිච්චි කරනවා.....
🔔එතකොට මිනිස්සුන්ට මොකද වෙන්නෙ???🔔
❌මිනිස්සු කියන්නෙ ප්‍රෙඩේටර්ලා සහ Xenomorph අතරට මැදිවෙච්ච අතරමැදි අසරණ ජීවීන් කොට්ටාසයක්.......
❌අපි උබලට දැනුම දුන්නා..තාක්ෂණය දුන්නා..ඒ නිසා උබල අපිට උදව්වක් කරන්න ඕනේ....ඒ උදව්ව තමයි මිනිස්සු හරහා අර Xenomorph ජීවීන්ව බිහිකරගන්න එක.....
බඩ පලාගෙන එලියට එන්නෙ..මතකයි නේද..ෆිල්ම් ටික බැලුව අයට😐
💥ඔන්න ඕක තමා ප්‍රෙඩේටර්ලගේ ගේ මාස්ටර් ප්ලෑන් එක..🤟
💥නොදියුණු ජීවීන් ඉන්න ග්‍රහලෝක වලට යනවා..ඒකෙ ඉන්න එවුන්ට උදව් කරනවා...උන්ව පට්ටම තැනකට ගේනවා....එවුන් ප්‍රෙඩේටර් ලා කියන්නෙ දෙවියන් වගේ සලකන තැනකට එනකන් ඉන්නවා...ඒ ගෙනල්ලා කරපු උදව් වලට හිලව් විදිහට ඒ ලෝකේ ඉන්න අසරණ ජීවීන් හරහා Xenomorph ලව බිහිකරගෙන ප්‍රෙඩේටර් ලා උන්ගේ ආතල් එක ගන්නවා.😐😅
💥හැබැයි මේ Xenomorph ලව උපද්දවන එක කරන්නෙ යම්කිසි Limit එකකට..Limit පැන්නොත් ඉවරයි....කිසි Limit එකක් නැතුව මුන් ඉපදුනාම කියන්න ඕනේ නෑනේ වෙන දේ…. ප්‍රෙඩේටර් මැරෙනකම්ම උන් එක්ක සටන් කරනවා....වැඩේ කරන්න බෑ කියලා තේරුනාම අර එයාගාව තියෙන Clocking Device එකේ තියෙන Self Destruct එක Active කරනවා...න්‍යෂ්ටික බෝම්බයක් වගේ තමා..සම්පූර්ණ ජනපදයක් තිබ්බෙ නෑ වගේ අලු දූවීලී කරලා දානවා.......
මෙයාලා රහසේම එනවා...දඩයම් කරනවා..රහසේම ආයිත් යනවා🙂☝
🔔ප්‍රෙඩේටර් සමාජයේ නීතී....🔔
💥Yautja Honor Code එක කියල හදුන්වන්නෙ මේක....
❌ප්‍රෙඩේටර් කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය සහ දඩයම් කිරිමේ ක්‍රියාව පාලනය කරන එක්තරා නීතී මාලාවක් තමයි මේක..
⚠️️වෙනත් ජීවියෙකු මරන්න ඕනේ කොහොමද?
⚠️️ඒ මරන්න ඕනේ කුමන තත්වයක් යටතේද?
⚠️️ ගොදුර මගහැරුනොත් කරන්න ඕනේ දේවල්?
❌ඔය වගේ කරුණු රාශීයක් මේ නීතී මාලාවේ තියෙනවා...ඒ වගේම මේ නීතී අහම්බෙන් , හිතා මතාම කඩ කරන එක නැවත හැරවිය නොහැකි වරදක්......මේ සම්ප්‍රදාය කඩ කලොත් දඩුවම් ලැබෙනවා....සමහර අවස්ථා වලදි ප්‍රෙඩේටර් සමාජයෙන් පිටුවහල් කරනවා..හැබැයි තමන්ගේ වැරැද්ද තේරුම් අරන් නැවත සමාජයට එකතු වෙන්න පුලුවන්....වැරැද්ද තේරුම් අරන් දඩුවම විදගන්න ඕනේ..එහෙම නැත්තන් සම්පූර්ණ කිරීමට කාර්‍යක් / මෙහෙයුමක් ඉල්ලගෙන එය සම්පූර්ණ කර විශ්වාසය දිනා ගෙන සමාජයට එන්න ඕනේ...එහෙම නැත්තන් ගෞරවනීය විදිහට මිය යන්න ඕනේ.🤝
❌කිසිම අවස්ථාවක වයසින් වැඩී ජීවියෙක් , කුඩා දරුවෙක් ඝාතනය කිරීම තහනම්......
❌තවත් ප්‍රෙඩේටර් කෙනෙක්ගේ ප්‍රතිවාදියෙකුට පහර දෙන්නත් අවසර නෑ
❌කාන්තාවන් සහ ගැබිනි මව් වරුන් ඝාතනය කිරීම අතිශය තහනම් වැඩක්....මේක අදාල වෙන්නෙ මනුස්ස ජීවින්ට විතරක්ම නෙමෙයි..හැම ජීවී විශේෂයකටම🙂
❌ඒ වගේම විවිධ දරුණු ලෙඩ රෝග වලින් පෙලෙන පුද්ගලයන් ඝාතනය කිරීමත් තහනම්.....
❌තමන්ගේ ප්‍රතිවාදියා / ගොදුර ආයුධ සන්නද්ධ නොවේ නම් ඔහුට ආයූධයකින් පහර දීම සුදුසු දෙයක් නෙමෙයි කියල ප්‍රෙඩේටර් සමාජයේ පිලිගන්නවා...හැබැයි මේක අවස්ථාව අනුව වෙනස් වෙන්න පුලුවන්......
❌තමන්ගේ ප්‍රතිවාදියා සමග ද්වන්ධ සටනකට පෙර තමාගේ සියලු ආයුධ ඉවත් කර , ශරීරයේ තියෙන පපු ආවරණ, උරහිස් ආවරණ , දනිස් ආවරණ...ඒ කියන්නෙ තියෙන හැම Amor එකක්ම ඉවත් කරලා අන්තිමට තමන්ගේ Mask එකත් ගලවලා තමන් කවුද මොනවගේ කෙනෙක්ද කියල ප්‍රතිවාදියාට අගවලා තමන්ගේ හැකියාවෙන් ද්වන්ධ සටනක් කිරීමට ප්‍රෙඩේටර් පෙලබෙනවා....
ඉතින් ඕවා තමා නීතී🙂
❌ඉතින් ඔය BadBlood කියන සමාජයෙන් නෙරපුව ප්‍රෙඩේටර් ලා මේ නීතී කඩනවා.....එ Bad Blood ලව Enforcer ප්‍රෙඩේටර් ලා මරනවා...
🔔ප්‍රථමාධාර 🔔
❌මෙහෙයුමක ඉන්නකොට කුමන හෝ ආකාරයකින් තුවාලයක් සිදු වුනොත් ඊට අවශ්‍ය කරන ප්‍රථමාධාර කට්ටලයක් ප්‍රෙඩේටර් ගාව තියෙනවා...මේකට කියන්නෙ MediComp කියලා....හදිසියකදි අනතුරක් උනාම මෙයාලට හදිසි ආධාරයක් අපේක්ෂා කරන්න අමාරුයි..අන්න ඒ නිසා මෙහෙයුමකට යන හැම ප්‍රෙඩේටර් කෙනෙක්ම මේ MediComp එකක් ගෙනියනවා...
🔶 විසබීජ නාශක
🔶තුවාල කලම්ප 2ක්
🔶උත්තේජක
🔶නිර්වින්දක
🔶එන්නත්
🔶කතුරු
🔶හැන්දැක්
🔶ශල්‍යකර්ම වලට ගන්න කුඩා තල උපකරණ
🔶හදිසි හුස්ම ගැනීමේ උපකරණයක්
🔶ද්‍රව්‍ය උණුකිරීමට දාහකයක්
මේ වගේ උපකරණ ගොඩක් මේ MediComp එකේ තියෙනවා....
❌ප්‍රෙඩේටර් 2 ෆිල්ම් එකේ අන්තිමට ප්‍රෙඩේටර් බෙහෙත් හදාගන්නෙ බිත්තිවල හුණු කැට කුඩු කරලා ඒකට නිල් පාට ද්‍රාවකයක් කලවම් කරලා ඒක රත් කිරීමෙන්....නිල් පාට ජෙල් එකක් වගේ ඖෂධයක් ඒකෙදි නිර්මාණය වෙනවා..ඊට පස්සෙ උණුවෙන්ම ඒක තුවාලයේ තියනවා.....
❌සමහර අවස්ථා වලදී තුවාලය පිරිසිදු කිරීමේදී තුවාලයේ ඇති අනවශ්‍ය කොටස් ප්‍රෙඩේටර් විසින් කපා ඉවත් කරනවා....නිර්වින්දන ඖෂධ තිබ්බත් මේ සියල්ල ප්‍රෙඩේටර් සිදුකරගන්නෙ නිර්වින්දක වලින් තොරවයි.....ඖෂධ තුවාල වලට යොදන සෑම විටකදිම ප්‍රෙඩේටර් විසින් වේදනාවෙන් ගෙරවීම සිදු කරනවා...
❌මේ ප්‍රෙඩේටර් පලවෙනි ෆිල්ම් එකේ ඉන්නෙ Arnold Schwarzenegger (ආර්නෝල්ඩ් සුබසිංහ මහත්තයා😅) පෞද්ගලික මන් කැමතිම එක...අන්තිම ආපු එක ගැන නම් මන් කතා කරන්නවත් කැමති නෑ..😒 ප්‍රෙඩේටර් කියන අති දැවැන්ත චරිතය හෑල්ලුවකට ලක් කලා😒🤨
Predator Movies
💙Predator 1987
💙Predator 2 1990
💙Predator 2010
💙The Predator 2018
❌ඉතින් ඔයාල මේ ටික බැලුවෙ නැත්තන් List එකට දාගන්න..😁🤝 ඒ වගේම Alien Film Series එකත් බලන්න☝
ස්තූතියි🙏
විචාරකයා වෙනුවෙන් මම ධනුෂ්ක
තොරතුරු ගත්තේ :-
Avp.Fandome
Aliens.Fandome
Wikipedia
🌍Stay Home - Stay Safe 🌍

Comments
Post a Comment