1899 කතාමාලාවට නම් ලැබුන හැටි



1899 කතා මාලාවට නිශ්චිත වශයෙන් ඒ අවුරුද්දම තෝරගන්න හේතුව මොනවා වෙන්න ඇති ද කියන එක තමයි ප්‍රශ්නය උනේ. ඒකට විවිධ අදහස් නම් ලැබිලා තිබුනා. ඒකෙන් පිළිගන්න ‘ලේසිම’ උත්තරය තමයි ‘සීසන් 2න් කියයි’ කියන එක. දෙකෙන් බැරි නම් කොතනින් හරි කියයි කියලා හිතමු. ඒත් අපි ‘ලේසිම’ උත්තරේ පොඩ්ඩක් පැත්තකින් තියලා හොයලා බැලුවොත්, මෙන්න මේ දේවල් 1899 එක්ක සම්බන්ධ වෙනවා.


Hypnosis එහෙම නැත්නම් මෝහන ප්‍රතිකාර ක්‍රමය ගැන ඔයාලා දන්නවා ඇති. දන්නෙ නැතත් කොහෙ කොහෙන් හරි අහලත් ඇති නේ. Sigmund Freudගෙ පරීක්ෂණ අතරෙන් ප්‍රමුඛත්වයක් ගත්තු මේ මෝහන ප්‍රතිකාර ක්‍රමය, ඔහු මානසික චිකිත්සා ක්‍රමයක් විදිහට හඳුන්වා දෙන්නේ 1886 වලදී. ඒත් ඒකෙන් සාර්ථක ප්‍රතිපල ලැබෙනවා අඩුයි කියලා 1896දී ඒ ක්‍රමය Freud විසින් ම අතාරිනවා.


Freud ම එයාගෙ ක්‍රමය අතෑරලා දැම්මට අනෙකුත් වෛද්‍යවරුන් සහ මනෝවිද්‍යාඥයන් මේ මෝහන ප්‍රතිකාරය මනෝචිකිත්සක ක්‍රම අතරේ සාර්ථකම සහ මූලිකම ප්‍රතිකාර ක්‍රමයක් විදිහට පිළිගන්නවා. ඉතින් 1899 කියන්නේ, Hypnosis, (මෝහනය) උච්චතම භාවිතයේ තිබුනු වසරක්.


උදාහරණයක් වශයෙන්, Forel සහ Vogt කියන වෛද්‍යවරුන් දෙදෙනා වර්ශ 1889-1899 කාලය තුළ මෝහනය පිළිබඳ පරීක්ෂණ කිහිපයක් ම පවත්වලා තියෙනවා විතරක් නෙමේ මෝහනය සාර්ථක මනෝචිකිත්සක ප්‍රතිකාරයක් විදිහටත් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා.


ඉතින් 1899 සිරීස් එකේ අපි දැකපු ප්‍රධාන දෙයක් විදිහට මෝහනය ගන්න පුළුවන්. කොහොමද? එකක් තමයි wake up කියන වචන දෙක. මුලු සීසන් එකම දිව්වේ ඒ වචන දෙක මත නේ… එපිසෝඩ් ඕපනිං පවා ඒ වචන දෙකෙන් ආරම්භ උනේ. කොටින්ම කියනව නම් මේ මිනිස්සුන්ව hypnotise කරලා ද කොහෙද කියල මම රැවටුන තරම්… අනිත් හේතුව ඊලඟ පොයින්ට් එකෙන් කියන්නම්.


දැන් ඔයාලාට හිතෙන්න පුළුවන් මෝහනය 1899 වලදි ප්‍රසිද්ධ උනාට ප්‍රධාන නැහැ නේ කියලා. මෝහනය විතරක් නෙමේ, Freud ගෙ speciality එකක් උනු තවත් දෙයක් තිබුනා. ඒ තමයි Dream Interpretation නැත්නම් සිහින විශ්ලේෂණය. මනෝවෛද්‍ය ලෝකය කළඹවපු Sigmund Freudගෙ කෘතිය උනු The Interpretation of Dreams පොත ඔහු එළි දක්වන්නේ 1899දී. මේ කෘතියෙන් තමයි ඔහු Psychoanalysis, ඒ කියන්නේ මනෝවිශ්ලේෂණය පිළිබඳව විස්තරාත්මකව කතා කිරීම එක්ක ඒ මනෝවිශ්ලේෂණවාදයට අඩිතාලම තබන්නේ.


මෙතනින් කරන්නේ කෙනෙකුගේ යටි හිත අවදි කිරීම. සරලවම කියනව නම් ඉතින් මෝහනයේදී කරනවා වගේ ම තමා. අන්න ඒකයි අර උඩදි නොකියපු දෙවෙනි පොයින්ට් එක. Freud මෝහනය අතැරියට මනෝවිශ්ලේෂණය අතෑරියේ නෑ (1899දී).


මේවා තමයි ඇත්තටම සිරීස් එකට 1899 වසර තෝරගන්න හේතුව කියලා නිශ්චිත නැහෑ..කොතනකවත් ඔෆීශලි කන්ෆර්ම් කරලත් නැහෑ. මේ අදහස් හුදෙක්ම සිරිස් එකේ psychology පැත්තට psychology history එක සම්බන්ධ කිරීමක් විතරයි. ඒක තහවුරු වෙන්න නම් ඉතින් ලේසි උත්තරේ හිතේ තියාගෙන ඉන්න වෙනවා අපිට…


කලින් පෝස්ට් එකෙත් හොඳ අදහස් ටිකක් තිබුනා. මෙතනින් ගිහින් බලන්නකෝ…

https://web.facebook.com/TheSriCOM/photos/a.270637288123037/574526627734100/ 


ඒ වගේම 1899 සීරිස් එකේ review එක මෙතනින් කියවන්න: 

https://m.facebook.com/story.php?story_fbid=574134944439935&id=270613594792073&mibextid=qC1gEa


✍️Admin: Afi Aiza • ශ්‍රී කොම්


#SriCOM #1899Netflix #Facts

Comments

Popular posts from this blog

1899 tv series sinhala review

Black adam movie sinhala explain