ලයෝරෝනා ( LALLORONA) sinhala
ලයෝරෝනා( LALLORONA) - ඇමෙරිකානු ජනප්‍රවාද ලයෝරෝනා යන වචනයෙහි ස්පාඤ්ඤ අර්ථය නම් "වැළපෙන කාන්තාව" යන්නයි. ලයෝරෝනා අතිශය සුන්දර පෙනුමකින් සහ කළු දිගු වරලසකින් යුත්, සුදු ගවුමක් ඇඳි කාන්තාවක් ලෙස සැලකෙන අතර මෙක්සිකෝව සහ ඇමෙරිකාවේ සිනමන් කැන්යන් යන ස්ථානවල දක්නට ලැබෙනවා යයි පවසයී. රාත්‍රී කාලයේ අදික ලෙස විලාප නඟමින් ජලාශ අවට සැරිසරන මෙම ආත්මය, යම් දරුවෙකු දුටුවහොත් එම දරුවාව ජලයේ ගිල්වා මරණයට පත් කරන බවද පැවසේ. මෙම ආත්මය තවත් විටෙක "සුදු ඇඳි කාන්තාව" ලෙසින්ද හඳුන්වයි. මෙවැනි ආත්මයන් බොහෝ ස්ථානවල සිටි බවට අසන්නට ලැබුනත් මෙහි ආරම්භය පිළිබඳව කිසිවෙක් නිවැරදිව කරුණු නොදනී. කෙසේ වෙතත් ජනප්‍රවාද වලට අනුව මරියා නම් වූ එක් සුන්දර කාන්තාවක් ඉතා ධනවත් පුද්ගලයෙකුට විවාහ කර දෙනු ලැබුණි. කාලක් ගත වන විට මොවුන්ට දාව පිරිමි දරුවන් දෙදෙනෙකු උපත ලැබීය. නමුත් මෙම කාන්තාවගේ ස්වාමියා සුරාව සහ අන් කාන්තාවන් ඇසුරු කිරීමට ඇබ්බැහි වූ නිසාම පවුල තුළ විවිධ ප්‍රශ්ණ ඇති විය. තම ස්වාමියා අන් කාන්තාවන් හා සම්බන්ධතා පවත්වන බව දැනගත් විට ඇයට එය ඉතාමත් වේදනාවක් ඇති විය. එක් දිනක් ගඟක් අසලින...